Friday, June 15, 2012

ෆර්නැන්ඩෝ

මා මිතුර ෆර්නැන්ඩෝ,
ඩ්‍රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? 
අද වැනිම වූ තරු පිරි අහසක් තිබුණු එදා රාත්‍රිය; 
බොහෝ කල් ගතවී ඇතත් මට හොඳින් මතක තිබෙන ඒ රාත්‍රිය;   
ඔබ ගින්නෙන් නැගුණු ආලෝකයේ හිඳ,
ඔබේ ගිටාරයේ තත් මුදු ලෙස වයමින්,
ඔබටම ගීයක් මුමුණමින් සිටියෙහි ය.
මට ඈතින් නැගෙන යුධ ඩ්‍රම් වාදනය පැහැදිලිව ඇසෙන්නට විය. 
යුධයට සෙබළුන් කැඳවන බියුගල් නාදය ද දැන් දැන් සවනත වැකෙයි.

ෆර්නැන්ඩෝ, දැන් ඔවුන් වඩාත් ළංවී ඇත.
ගත වන සෑම පැයක් ද සෑම විනාඩියක් ද අනන්ත කාලයක් සේ අපට දැනෙන්නට විය.
මා මිතුර ෆර්නැන්ඩෝ, මම බෙහෙවින් බිය වී සිටියෙමි.
එවක අප තරුණයින් වීමු. ජීවයෙන් පිරී සිටියෙමු.
අපි මරණයට මුහුණ දීමට නොකැමැති වීමු.
භටයන් දැරූ අත් තුවක්කු වලින් සහ කාල තුවක්කු වලින් නික්මුණු වෙඩි හඬ 
මා හඬවන්නට තරම් වූ බව කියන්නට දැන් කුමට ලජ්ජා වෙම්ද?

ඒ රාත්‍රිය යම් උමතු බවකින් වෙලී තිබිණ.
තරු දීප්තිමත්ව බබලන්නට විය.
ෆර්නැන්ඩෝ, ඒ තරු බැබලුනේ ඔබත්, මාත් වෙනුවෙනි.
අප අපේක්ෂා කළ 
නිදහස 
වෙනුවෙනි.
අප පරාජය වනු ඇතැයි සිහිනෙනුදු නොසිතීමු. 
එහෙත් පරාජය පිළිඹඳ පසුතැවීමක් දැන් නොමැත.
ප්‍රිය මිතුර ෆර්නැන්ඩෝ,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි.
ඔබට නැවතත් කියන වග නම්,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි. 

මා මිතුර ෆර්නැන්ඩෝ,
දැන් අපි සුදු කෙසැතිව, වියපත්ව සිටිමු.
ඔබ අතෙහි රයිෆලයක් තිබෙනු 
අවසනට දැක දැන් වසර ගණනක් ගතව ඇත.
ෆර්නැන්ඩෝ,
ඩ්‍රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? 
අප රියෝ ග්‍රාන්ද් නදිය තරණය කළ
ඒ දෛවෝපගත රාත්‍රිය ඔබේ මතකයෙහි තවමත් තිබෙන්නේ ද?
මව් බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදීමේ සාඩම්බරය
එදා මම ඔබේ දෑසෙහි දුටුවෙමි.

ෆර්නැන්ඩෝ, ඒ රාත්‍රිය යම් උමතු බවකින් වෙලී තිබිණ.
තරු දීප්තිමත්ව බැබැලිණ.
ඒවා ඔබත්, මාත්, අප පැතූ නිදහසත් වෙනුවෙන් බැබැලිණ.
අප පරාජය වනු ඇතැයි සිහිනෙනුදු නොසිතු නමුදු,
දැන් පරාජය පිළිඹඳ පසුතැවීමක් නොමැත.
ප්‍රිය මිතුර ෆර්නැන්ඩෝ,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි.
Can you hear the drums fernando?
I remember long ago another starry night like this
In the firelight, Fernando
You were humming to yourself 
and softly strumming your guitar
I could hear the distant drums
And sounds of bugle calls were coming from afar

They were closer now, Fernando
Every hour every minute seemed to last eternity
I was so afraid, Fernando
We were young and full of life and none of us prepared to die
And I'm not ashamed to say
The roar of guns and cannons almost made me cry

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando 
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, fernando


 Now we're old and grey fernando
And since many years I haven't seen a rifle in your hand
Can you hear the drums Fernando?
Do you still recall the frightful night we crossed the rio grande?
I can see it in your eyes
How proud you were to fight for freedom in this land

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, fernando

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando
Yes, if I had to do the same again
I would, my friend, Fernando..