Friday, June 15, 2012

ෆර්නැන්ඩෝ

මා මිතුර ෆර්නැන්ඩෝ,
ඩ්‍රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? 
අද වැනිම වූ තරු පිරි අහසක් තිබුණු එදා රාත්‍රිය; 
බොහෝ කල් ගතවී ඇතත් මට හොඳින් මතක තිබෙන ඒ රාත්‍රිය;   
ඔබ ගින්නෙන් නැගුණු ආලෝකයේ හිඳ,
ඔබේ ගිටාරයේ තත් මුදු ලෙස වයමින්,
ඔබටම ගීයක් මුමුණමින් සිටියෙහි ය.
මට ඈතින් නැගෙන යුධ ඩ්‍රම් වාදනය පැහැදිලිව ඇසෙන්නට විය. 
යුධයට සෙබළුන් කැඳවන බියුගල් නාදය ද දැන් දැන් සවනත වැකෙයි.

ෆර්නැන්ඩෝ, දැන් ඔවුන් වඩාත් ළංවී ඇත.
ගත වන සෑම පැයක් ද සෑම විනාඩියක් ද අනන්ත කාලයක් සේ අපට දැනෙන්නට විය.
මා මිතුර ෆර්නැන්ඩෝ, මම බෙහෙවින් බිය වී සිටියෙමි.
එවක අප තරුණයින් වීමු. ජීවයෙන් පිරී සිටියෙමු.
අපි මරණයට මුහුණ දීමට නොකැමැති වීමු.
භටයන් දැරූ අත් තුවක්කු වලින් සහ කාල තුවක්කු වලින් නික්මුණු වෙඩි හඬ 
මා හඬවන්නට තරම් වූ බව කියන්නට දැන් කුමට ලජ්ජා වෙම්ද?

ඒ රාත්‍රිය යම් උමතු බවකින් වෙලී තිබිණ.
තරු දීප්තිමත්ව බබලන්නට විය.
ෆර්නැන්ඩෝ, ඒ තරු බැබලුනේ ඔබත්, මාත් වෙනුවෙනි.
අප අපේක්ෂා කළ 
නිදහස 
වෙනුවෙනි.
අප පරාජය වනු ඇතැයි සිහිනෙනුදු නොසිතීමු. 
එහෙත් පරාජය පිළිඹඳ පසුතැවීමක් දැන් නොමැත.
ප්‍රිය මිතුර ෆර්නැන්ඩෝ,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි.
ඔබට නැවතත් කියන වග නම්,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි. 

මා මිතුර ෆර්නැන්ඩෝ,
දැන් අපි සුදු කෙසැතිව, වියපත්ව සිටිමු.
ඔබ අතෙහි රයිෆලයක් තිබෙනු 
අවසනට දැක දැන් වසර ගණනක් ගතව ඇත.
ෆර්නැන්ඩෝ,
ඩ්‍රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? 
අප රියෝ ග්‍රාන්ද් නදිය තරණය කළ
ඒ දෛවෝපගත රාත්‍රිය ඔබේ මතකයෙහි තවමත් තිබෙන්නේ ද?
මව් බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදීමේ සාඩම්බරය
එදා මම ඔබේ දෑසෙහි දුටුවෙමි.

ෆර්නැන්ඩෝ, ඒ රාත්‍රිය යම් උමතු බවකින් වෙලී තිබිණ.
තරු දීප්තිමත්ව බැබැලිණ.
ඒවා ඔබත්, මාත්, අප පැතූ නිදහසත් වෙනුවෙන් බැබැලිණ.
අප පරාජය වනු ඇතැයි සිහිනෙනුදු නොසිතු නමුදු,
දැන් පරාජය පිළිඹඳ පසුතැවීමක් නොමැත.
ප්‍රිය මිතුර ෆර්නැන්ඩෝ,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි.
Can you hear the drums fernando?
I remember long ago another starry night like this
In the firelight, Fernando
You were humming to yourself 
and softly strumming your guitar
I could hear the distant drums
And sounds of bugle calls were coming from afar

They were closer now, Fernando
Every hour every minute seemed to last eternity
I was so afraid, Fernando
We were young and full of life and none of us prepared to die
And I'm not ashamed to say
The roar of guns and cannons almost made me cry

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando 
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, fernando


 Now we're old and grey fernando
And since many years I haven't seen a rifle in your hand
Can you hear the drums Fernando?
Do you still recall the frightful night we crossed the rio grande?
I can see it in your eyes
How proud you were to fight for freedom in this land

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, fernando

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando
Yes, if I had to do the same again
I would, my friend, Fernando..


34 comments:

  1. Replies
    1. මුලින්ම දාපු කමෙන්ටුවට රෝස කුමාරිට ස්තුතියි.
      මේ සින්දුවට අදාළ ඉතිහාස කතාව ගැන එහෙම දන්නවද? මට අන්තර් ජාලයෙන් වත් තාම සොයා ගන්න බැරි වුනා.

      Delete
  2. මේක තමා ඇබාලගෙ මුල්ම non-album solo එක.. ඇත්තටම මේක මුලින්ම එලියට ආවෙ ඇනි-ෆ්‍රීඩා ගෙ solo එකක් විදිහටයි (1975).. මේ‍කෙ ස්වීඩිෂ් වර්ශන් එකකුයි, ස්පැනිෂ් වර්ෂන් එකකුයිත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බුරා ගේ කමෙන්ටුවට බොහොම ස්තුතියි.

      ප්‍රිය මිතුර බුරතීනෝ,
      කරුණාකර මේ Fernando කවරෙක්දැයි පහදා දෙනු මැනවි.
      රියෝ ග්‍රෑන්ඩ් යනු මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශ සීමා නදියකි.
      මෙහි සිදුවුණු මේ යුද්ධය කුමක් ද?

      Delete
    2. ෆර්නැන්ඩෝ කියන්නෙ චේගෙ අන්වර්ථ නාමය, බොලිවියානු විප්ලවය තුළදි. රියෝ ග්‍රෑන්ඩ් නදිය අසබඩ සටන්වලදියි චේව අල්ලා ගත්තෙ, මට මතක විදිහට

      Delete
    3. ගොඩක් ස්තුතියි නලිනි.
      නමුත් මේ ගීතයේ කියන්න ෆර්නැන්ඩෝ මිය ගිය බවක් හැඟෙන්නේ නැහැ නේ.
      //Now we're old and grey fernando
      And since many years I haven't seen a rifle in your hand//
      අනික රියෝ ග්රෑන්ඩ් නදිය ගලා බසින්නේ ඇමරිකාවත් මෙක්සිකෝවත් හරහා නේද?
      http://en.wikipedia.org/wiki/File:Riogranderivermap.png
      බලමු බුරා මොකද කියන්නේ කියල.

      Delete
    4. බොහෝදුරට වෙනත් කතාවක් ඇති, නම්ගම් අර සිද්ධියට සම්බන්ධ වුණාට. බලමු බුරා හොයාගෙන එන තොරතුරු.

      හැබැයි මම කැමතියි අර සිද්ධිය ගැන කියවෙන බව හිතන්න. මිනිස්සුන්ගෙ හිත් තුළ චේ මිය ගිහින් නැහැනෙ. :)

      Delete
    5. විකියෙ තියෙන්නෙ 1910 මෙක්සිකන් යුද්ධයට අදාල කතාවක් කියල. නම නිකම් වෙන කෙනෙක්ගෙ යෝජනාවකට දැම්ම එකක් කියල. :)

      Delete
    6. මේ විස්තරය දැක්කේ දැන් නොවැ

      Delete
    7. මෙතනදි නලිනි හා ඩීන් අයියා යම් තරමකට නිවැරැදියි.. මේ ගීතය අර මම උඩින් කිවුවා වගෙ මුලින්ම කියන්නෙ ඇනි-ෆ්‍රීඩා, එයාගෙ solo එකක් විදියට එයාගෙ ඇල්බම් එකක 1975දී.. ඒක තමා පස්සෙ කාලෙක ඇබාලගෙ ඇල්බම් එකකට නැවත ගායනා කරන්නෙ.. එතනදි ගීතයෙ ටයිට්ල් එක වෙනස්වෙනවා ෆර්නැන්ඩෝ කියලා, සහ පදවැල් වල ‍පොඩි වෙනසකුත් වෙනවා..

      ගීතයෙ රචකයා කියන විදියට එයා කිසිම කෙනෙක් අදහස් කරන් නෙවෙයි මේ ගීය ලියන්නෙ.. නමුත් විකියේත් කියන පරිදි රියෝ-ග්‍රාන්දේ නදිය ගැන කියවෙන නිසා අපට හිතන්න පුළුවන් මේක 1910 මෙක්සිකන් විප්ලවය සම්බන්ධයෙන් ලියවුන එකක් බව..

      පලි: ස්ව්ඩිෂ් වර්ශන් එකේදි රියෝ-ග්‍රාන්දේ ගැන කිසිම සදහනක් වෙන්නෙ නෑ.. එතන කියන්නෙ අහිමි වූ පෙමක් ගැනයි..

      Delete
    8. @ නලිනි චන්දිමා
      මමත් කැමතියි මේක චේ ගැන ලියවුනු ගීයක් නම්. නමුත් සත්‍යය වෙනෙකක් නම් අපට එය එසේ නොවේ යයි පිළිගන්න වෙනවනේ.

      @ බුරතීනෝ
      බුරාට ගොඩක් ස්තුතියි විස්තරේ කිව්වට. බුරා, ඩීන් අයිය සහ නලිනි අනිවාර්යයෙන්ම මේ කතන්දරේට සම්මාදන් වෙන බව මම දැනගෙන හිටපු නිසා තමා මම මේ ගීය පල කලේ. දැන් කමෙන්ටු හරහා ගීයේ පසුබිම පැහැදිළි වෙනවනෙ.

      Delete
  3. මේ ගීතය මුලින්ම අහපු (මගේ හිතේ 80ටත් කලින්) ඉඳන් වචන වලින් ලියන්න අපහසු හැඟීමක් තිබුනා. කාලයත් එක්ක උඩට ඇදෙන මත තරප්පු පේළියේ ඒ ගීතයට වෙනස් අර්ථකතනයන් අදේශ වෙන්න ඇති. එදාට වඩා ෆර්නෑන්ඩූ අදත් තරුණයි හිතේ...

    ඔබේ වදන්පෙළින්:
    //අප අපේක්ෂා කළ
    නිදහස
    වෙනුවෙනි.
    අප පරාජය වනු ඇතැයි සිහිනෙනුදු නොසිතීමු.//

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියට ස්තුතියි.
      අයියත් මේ ගීතයට අදාළ සිදුවීම් ගැන යමක් දන්නවනම් ඒ ගැනත් අපට කියන්න.

      Delete
    2. මේ සින්දුව මුලින්ම ස්විඩිෂ් බාසාවෙන් (Hernandez) කල එකක්, පසුව ඉංග්‍රීසි (Fernando) සින්දුවක් වෙලා ඒ අතර තුරදී සින්දුවේ ලොකු වෙනසක් වෙලා. අපි දන්න කියන ෆර්නැන්ඩෝ ඉංග්‍රීසි නොවැ; විකියා සින්දුව ගැන කියන්න අමතක කරලා නැහැ. කාලය පිළිබඳව ප්‍රශ්ණයක් නිසා ලින්ක් එක දාන්නම්:

      http://en.wikipedia.org/wiki/Fernando_(song)

      Delete
    3. ලින්ක් එකටයි, විස්තර වලටයි ඩීන් අයියට ගොඩක් ස්තුතියි.
      මට කලින් හොයපු වෙලාවේ ඔය ලින්ක් එක හොයා ගන්න බරුවගියා.
      එහෙනං මේ ගීය යුද්ධයේ බිහිසුණු බව හුවා දැක්වීම මෙන්ම රටේ නිදහස පතා යුධ වැදීම පිළිඹඳ ලියවුනු ගීයක්.

      Delete
  4. පොඩි කාලෙ ඉඳලම හුඟක් ප්‍රිය කළ ගීතයක්. නමුත් ගීයෙන් කියවෙන්නෙ කුමක් ගැනද, කා ගැනද කියලා මම දැන ගත්තෙ හුඟක් පසු කාලෙකදි. ෆර්නැන්ඩෝ වගේම මේ ගීයත් කවදාවත් "වයසට" යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් ඔයා වගේ තමා. මුලින් නිකම්ම ශබ්ධ රසය විතරයි. Lyrics කියවල බැලුවම තමා හරියටම වැටහුනේ. ඊට පස්සේ තදින් හිතට වැදුන නිසා තමා පරිවර්තනය කළේ. ගීතයේ ලොකු කතාවක් කියවෙන නිසයි, ගද්‍ය ස්වරුපයෙන් ලිව්වේ.

      මේ ගීයේ පදවැල කියවන කොට මට මතක් වුනේ තෝල්ස්තෝයි ගේ යුද්ධය හා සාමය. ඇන්ඩ්‍රි කුමාරයා, නිකොලා රොස්තෝව් එහෙම යුද්ධ කළ හැටි. ඒ වගේම පියෙරි යුධ භූමියට ගිහිල්ල යුද්ධය කරන හැටි බලපු අවස්තාව. ඊළඟට නිකොලා ගේ පුංචි මල්ලියා යුද්දෙදි මිය ගිය හැටි. හරියට ඩ්‍රම් සද්දේ මටත් ඇහෙනවා වගේ දැනුණා.

      නලිනිත් මේ ගීයේ පසුබිම දන්නවනම් ඒ තොරතුරු සොයාගන්න සම්මාදම් වෙන්න.

      Delete
  5. මම නම් මේ සිංදුව උපන්තේකට අහලා නෑ.
    අහලා බලන්ඩ වටිනවා !!!
    ස්තුතියි ෆර්නැන්ඩෝ......ආහ්... වැරදුනා.
    ස්තුතියි පොත්ගුල්ලා අයියේ !!!

    ReplyDelete
    Replies
    1. එහෙනං මල්ලි අහල බලන්නකෝ. ඔය you tube වීඩියෝව තියෙන්නේ. මට නං ලස්සන චිත්ත රූප රැසක් මැවෙනවා, මේ ගීය අහන කොට.

      ෆර්නැන්ඩෝ ට ස්තුති කරන්න ඕනෙද, නැද්ද කියල මටත් තාම වැටහීමක් නැහැ. බලමු, අපේ මිත්‍රයෝ කතාව කියල දෙයි.

      Delete
  6. මමත් මේ ගීතය අහලා නෑනෙ.. හැබැයි මේක නම් අහලා තියනවා

    ෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ මමත් ෆර්නැන්ඩෝ
    ෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ ඔයත් ෆර්නැන්ඩෝ

    ReplyDelete
    Replies
    1. හ: හ: හා
      ඔව්, ඔව් අපිත් ඕක අහල තියෙනවා.
      එක ඉතින් ලංකාවේ බජාර් version එකනේ.

      Delete
  7. දැන් මට තියෙන්නේ මෙක්සිකන් විප්ලවයට අදාළ ඡායා රුපයක් සොයා ගෙන පොස්ට් එකට එකතු කරන එකයි. බලමු හොයා ගන්න පුළුවන් වෙයිද කියල.

    ඒ අතර තුර ඔබා මහත්තයව මතක් වෙනවා. හිටියනං මෙලහට මෙතන කමෙන්ට් එකක් දාල.
    ඔබා නොමැති සිංහල බ්ලොග් ලොවේ ලොකු හිස් තැනක්.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නය යොමුවන්නේ පොත්ගුල්ලා මහතාටයි.. මෙක්සිකන් විප්ලවය ගැන කියැවෙන විට ඒ හා සම්බන්ධව නම කියැවෙන සුප්‍රසිද්ධ අමෙරිකානු කෙටිකතා රචකයා කවුරුද.?? :)

      Delete
    2. ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් යන නම තමා මට නම් එක්වරම මතකයට ආවේ. හැබැයි ඔහු ඇමරිකානුවෙක් නොවේ, මෙක්සිකන් ජාතිකයෙක්. "සියක් වසක් හුදකලාව" යන මහා නවකතාවත් ඒ හා බැඳුණු කර්නල් සහ එරෙන්දිරා වැනි කෙටිකතාත් මෙක්සිකන් විප්ලවයට සම්බන්ධයක් ඇතැයි මා සිතනවා.

      Delete
    3. උත්තරය වැරැදියි.. ඔබට තව එක උත්සාහයක් දැරිය හැකියි.. :)

      Delete
    4. තව එක උත්තරයයි කොහොමත් මට තියෙන්නේ. - අර්නස්ට් හෙමිංවේ
      ස්පාඤ්ඤ සිවිල් යුද්ධය සහ පළමු ලෝක යුද්ධය අලලා නම් ඔහු ලියු බව දන්නවා. නමුත් මෙක්සිකන් විප්ලවය සම්බන්ධව ලිව්වා වගක් දන්නේ නැහැ. මේකත් වැරදි නම් ඉතින් ඔබ තුමාම කියන්නකෝ.

      Delete
    5. අහලා තියෙනවා ඇති ඇම්බ්‍රෝස් බියර්ස් ගැන.. පොත්ගුල්ලා වුනාම එයාව නොදැන ඉන්න හැටියක් නැහැ නෙවැ.. උන්නැහැ මෙක්සිකන් විප්ලවේ ගැන ළගින් ඉදන් අධ්‍යයනය කරන්න කියලා යනවා යුධ කලාපයට, එහෙදි පොර අතුරුදහන් වෙනවා..

      Ambrose_Bierce

      Delete
    6. අවංකවම, බුරා කියනකන් මම නං එබඳු ලේඛකයකු ගැන අසා තිබුනේ නැහැ.
      තොරතුරු වලටත් ලින්ක් එකටත් බුරාට පිං. පොත් ගුල්ලට ඇමෙරිකන් පොත් අනුභව කරන්ඩ වැඩි අවස්තාවක් ලැබිල නැහැ වගෙයි, එහෙනං.
      අපේ රටේ විද්වතුන් අපට හඳුන්වාදෙන විදේශීය ලේඛකයන් ගැන තමා අපි වැඩිපුරම දන්නෙ. Ambrose Bierceව සිංහල පාඨකයන්ට කව්රුත් හඳුන්වා දීල නැහැ මයේ හිතේ.

      Delete
    7. ඔවු මමත් දැකලා නැහැ ඇම්බ්‍රෝස් බියර්ස් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා.. මට කා‍ලෙකට පෙර කියවන්න ලැබුනා ඔහුගෙ කෙටිකතා එකතුවක්, ඒකත් බොහොම පරණ පොතක්..

      මෙන්න ‍මෙතනින් On-line කියවන්න පුළුවන්...

      Delete
    8. ඇම්බ්‍රියොස් උන්නැහැ සෑහෙන්න කෙටිකතා ලියල තියෙනවා වගේ. ලින්ක් එකට බුරාට ස්තුතියි.

      Delete
  8. පමා වීමි ..හරි තේරුමක් ඇතුව ඇහුවේ අද තමයි . ස්තුතියි පොත්ගුල්ලාට ...සහ සැමටම .

    ReplyDelete
    Replies
    1. නැවත පැමිණීමට ලැබීම ගැන හද පිරි සතුට!

      Delete
  9. මාත් කැමතිම සින්දුවක්. පොඩි කාලේදී නිකම් තනුවට ආස වෙලා ඇහුවට පස්සේ තමා තේරුම දැන ගත්තේ. එතකොට තවත් අමුතුම රසයක් දැනෙන්න ගත්ත. නිකම් ඉස්සර සිදුවුණු දෙයක් ආයිත් මතක් කරනවා වගේ...

    ඔය සින්දුවට මගෙත් පොඩි පුද්ගලික සම්බන්ධයක් තියෙනවනේ :D. මගේ ඔසී යාලුවෝ නම කිව්වම අහන්නේ "Do you hear the drums?" කියල.

    ReplyDelete
    Replies
    1. නිරෝෂිනී අලුත් මිතුරියව මකරන්දයට සාදරයෙන් පිලිගන්නවා.
      බොහෝ විට අපි කව්රුත් ඉංග්‍රීසි ගීත අසන්ට යොමු වන්නේ මුලින්ම ඒවායේ තනුවට ඇති වන ආකර්ෂණයෙන් තමා. පසුව තමා අර්ථය වැටහෙන්නේ.

      ඔබ ලියන බ්ලොගය පැත්තෙත් එන්නම්.

      Delete