Monday, September 19, 2011

පරාජිත ප්‍රේමයේ හුදකලාව - I Never will Marry

They say that love's a gentle thing
To me, brought only pain
Since the only man I ever loved
Is gone on the morning train

I never will marry
I'll be no man's wife
I will remain single
For the rest of my life

Now, the train pulled out, the whistle blew
With a long and lonesome moan
He's gone, he's gone like the morning dew
And left me all alone

I never will marry
I'll be no man's wife
I will remain single
For the rest of my life

Now, there's many a change in the winter wind
And a change in the clouds' design
There's many a change in the young girl's heart
But never a change in mine



I never will marry
I'll be no man's wife
I will remain single
For the rest of my life



- Nana Mouskouri



33 comments:

  1. හ්ම් ...

    මක් කරන්නද ඉතින් එයාම එහෙම කියනව නම් .

    ඔය ගායිකාවගේ ගී වලට මන් බොහොම කැමතියි .

    I have a dream සින්දුවත් එයාගේ නේද .

    ReplyDelete
  2. මම කලින් අහලා තිබුණු ගීතයක් නෙවෙයි,,ස්තූතියි බෙදා හදා ගත්තාට, අර බින්දි අහපු සිංදුව කියන්නේ ඇබා කණ්ඩායම නේද? මේ ගායිකාව ඒකෙ ඉන්නවද? ( නොදන්නා නිසයි ඇහුවෙ )

    නානා මස්කුරි ගායිකාවගෙ තවත් ලස්සන ගීතයක් තිබ්බා ඒ කාලෙ නිතරම රූපවාහිනිය ප්‍රචාරය උනා, දැං නං වැඩිපුර ඇහෙන්නෙ " නස්කූණි" ලගෙ සිංදු :D

    ReplyDelete
  3. අනේ මන්ද හරි . මෙයා කියනව ඇහුව යු ටියුබ් එකේ .බලන කොට ඇබාලත් කියනවා ..කවුද මන්ද කොපි කලේ . දන්නා කෙනෙක් කියනවදෝ ..

    ReplyDelete
  4. කියන්නේ ග්‍රීක් ගායිකාවක් නේද? මම දන්නා ග්‍රීක් අය කීප දෙනෙක් නම් එයාගේ සිංදුවලට ආසා නෑ. තමන්ගේ රටේ උනාම සමහර විට එහෙම වෙනවා ඇති.

    ඔය කියන සිංදුවට ඉතින් මාත් හරි කැමතී.

    "I have a dream" ඇබාලගේ. "ABBA Gold: Greatest Hits album" එකේ මේ සිංදුව තියෙනවා.

    ReplyDelete
  5. අපොයි මට කමෙන්ට් එකේ මුලින් "Nana Mouskouri" කියන නම ලියන්ට අමතක වෙලා....:D

    ReplyDelete
  6. @ බින්දි / හරී / පොකු
    බොහොම ස්තුතියි, කමෙන්ටු වලට.
    ඔය පෝස්ට් එක දැම්මට මොකද මං හිතුවෙනෑ කව්රුත් මේ පැත්තේ එයි කියලවත්. පහුගිය දොහේ මොකද මන්ද, කිසි දෙයක් ලියන්ඩ හිතුනෙ නැහැ. එක එක දේවල් ඔලුවේ තිබුනත් යම් කිසි පහුබෑමක් ඇතිවෙලයි තිබුනෙ. අන්තිම පෝස්ට් එකේ අලුතෙන් වැටුණු කමෙන්ට්ස් වලට උත්තර දෙන්න තරං වත් හිත හදාගන්න බැරිඋනා. යාලුවන්ගේ බ්ලොග් වල කමෙන්ට්ස් දදා හිටිය විතරයි. ඉතින් මගේ බ්ලොග් එක මටම එපා වෙලා තියෙද්දී යාළුවො මේ පැත්තේ එයි කියලවත් හිතුනෙ නැහැ. බලන කොට අලුත් රසිකයොත් ඇවිත් පරණ පෝස්ට් රස විඳලා අදහසුත් පල කරල ගිහින්. ඉතින් ආයෙත් හිතට යම් කිසි දිරියක් ආව.

    නානා මස්කූරී ගේ වෙන ගීතයක් හොයන අතරේ මේ ගීතය අහම්බෙන් හමු වුනේ. ගීතය ඇහුවහම හදවත පත්තුවෙලා ගියා. ඒ ගායනයත් සංගීතයත් මොකද්දෝ මහ පාලු හුදකලාවක් එක්ක වෙලිල තිබුණ. හදවතට හරි සමීප බවකුත් දැනුන. ඒ රසය හිත මිතුරු සහෘදයන් එක්ක බෙදා හදා ගන්නයි ඕනැ වුනේ.

    ඇගේ වෙනත් ජනප්‍රිය ගීත කිහිපයක්,
    Roses Love Sunshine
    The White Rose of Athens
    Time to Say Goodbye
    Love Changes Everything
    There's a Time for Summer and for Snow

    ඇය ග්‍රීක ජාතික ගායිකාවක් තමා. නමුත් ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ තවත් යුරෝපීය භාෂාවලින් ඇය ගීත ගායනා කළා. 2008 වසරේ ගායනයෙන් විශ්‍රාම ගත් ඇය දැන් ස්විට්සර්ලන්තයේ ජීවත් වෙනවා.

    බින්දි කිව්වවගේ නානා ත් ABBA මෙන්ම I Have A Dream ගීතය ගායනා කරනවා. මේක මං හිතන්නේ කොපි කිරීමක් නොවෙයි. බෙදා හදාගෙන කරන දෙයක්. ලංකාවෙත් එහෙම අවස්ථා තියෙනවනේ. උදාහරණයක් හැටියට සේකරයන්ගේ සමහර ගීත නන්දා මාලනිත් අමරදේවත් වෙන වෙනම ගායනා කරන අවස්ථා තියෙනව. කරදර පොදි බැඳ , රන් වන් කරල් සැලෙයි (මතක විදිහට මඩවලයන්ගේ ගීයක්) වගේ ගීත. කව්රුදෝ අර කව්ලුවෙන් ගීතය සනත් නන්දසිරිත් ශාන්ති ගීතදේවත් ගායනා කරනවා. ඉතින් මේකත් ඒ වගේ අවස්ථාවක් වෙන්න ඇති.

    කට්ටියට නැවතත් ස්තුතියි.

    ReplyDelete
  7. ලස්සන ගීතයක්. ගීතයට වගේම විස්තරවලටත් ස්තුතියි.
    පොත් ගුල්ලටත් ලියන්න නොහිතෙන ලෙඩේ හැදිලද? මටත් එහෙමයි. මාස දෙකතුනකින් ලිව්වෙ නෑ. :(

    ReplyDelete
  8. එකම ගීතය කීපදෙනෙක්ම ගායනා කිරීම (විශේෂයෙන්ම ජනප්‍රිය ගීත) අලුත් දෙයක් නෙවෙයි නේ.. උදා: River of Babylon, Hallelujah, Country Roads වගේ ඒවයෙ වර්ෂන්ස් කීපයක්ම තියෙනවනේ..

    ReplyDelete
  9. නානා මස්කූරි ගේ ගීත අතරින් තවත් ලස්සන ගීතයක් මතක් කරාට බොහෝම ස්තුතියි (මේ දවස්වල ගිත අහන්න හිතක් නැතුවට).

    අළුත් පොස්ට් කරන්න අපි එනවා කියවන්න.

    I have a dream කියන වචන පෙලත් එක්ක මතකයට එන්නේ කළු ඇමරිකානු නිදහස් ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් වෙන මාටින් ලූතර් කිං මහතා.

    I have a dream ගීතයක් හැටියට ප්‍රසිද්ධ නම් ABBA හි Benny Andersson and Bjorn Ulvaeus විසින්ම රචනා කර 1979 නිකුත් වූ ගීතය. නානා මස්කූරි විසින් එම ගීතය ප්‍රංශ බසින් 1983 දී Chanter La Vie හැටියටත්, 1989 දී ABBA ගැයූ ඉංග්‍රීසි ගීතයත I have a dream නමින්ම නිකුත් කර ඇත.

    ReplyDelete
  10. @ Bura,
    "Rivers of Babylon" මොකා කිව්වත් මට අහගෙන ඉන්න පුළුවන් (ඒ වුනාට උඹ එහෙම කියන්න යන්න එපා...මට සිංදුව එපා වුනොත් අපරාදෙ)

    @ ලියන්නා/Weni,
    උඹත් එක්ක බෑ.......ලෝකෙ නැති එක එක නං වලින් එං නැතුව එක නමකින් වරෙන් බං, අපිට පිස්සු වට්ටන්නෙ නැතුව, බැරිම නං ඔය කියපු ට්‍රේන් එකට බෙල්ල තියහන්

    ReplyDelete
  11. කාටද බොලේ මේ ඔබා මහත්තය බනින්නේ?

    ReplyDelete
  12. @නලිනි චන්දිමා
    අපි කාට කාටත් කාලෙන් කාලෙට ඔය වගේ ලෙඩ හැදෙනවනෙ. දොස්තර නෝනා දන්න බෙහෙතක් එහෙම ඕකට නැද්ද?
    මෙහෙ ඇවිත් ගීතය රසවින්දට ගොඩක් ස්තුතියි. අපේ කොහොම උනත් ඔබ තුමීගේ ලෙඩේ නං ඉක්මනටම සනීප වෙන්ඩ කියල පතනවා. නැත්තන් අපිට ප්‍රතිභා සම්පන්න ලේඛිකාවකගේ නිර්මාණ රස විඳීමේ අවස්ථාව අහිමි වෙනව.

    ReplyDelete
  13. @බුරතීනෝ
    ඔය බුරා තත්වය හොඳින් පැහැදිලි කරලා තියෙන්නේ. රසිකයන් ඒ තත්වය පිළිගන්නවනන් ප්‍රශ්නයක් නැහැ මයේ හිතේ.
    ඇත්තට බුරා හොඳ ගායකයෙක්ද, ඔබා මහත්තය සෑහෙන අගය කිරීමක් කරලා තියෙන්නෙ?

    බුරා පුරවැසි කේන් ලිපියට අන්තිමට දාපු කමෙන්ටුවට මගෙන් උත්තරයක් නොලැබීම ගැන සමාවෙන්න. එහි අර භාරතී කවිය ගැන ඔබ කියන චිත්‍රපටය "මතිලුකල්" වත්ද? ඒක නං දෙමල නෙමේ කේරල. අධ්‍යක්ෂණය කලේ අධූර් ගෝපාල ක්‍රිෂ්ණන්. මතක විදිහට නමේ තේරුම "දර ඉපල" යනුයි. බොහොම අපූරු චිත්‍රපටයක්.

    ReplyDelete
  14. @ගල් මල්
    දිරිමත් කලාට ගොඩක් ස්තුතියි.
    මාර්ටින් ලුතර් කිංග් ගේ I Have a Dream කතාව මමත් ශ්‍රවනය කරලා තියෙනව. හදවතට තදින් දැනුන කතාවක්. තොරතුරු වලටත් හුඟක් ස්තුතියි.

    @ඔබ්සර්වර්
    ඔබා මහත්තයාගේ කමෙන්ටුවටත් ගොඩක් ස්තුතියි.
    අර දෙවෙනි කෑල්ල වෙන කොහෙවත් යන්ඩ ඕනෙ එකක්ද, වැරදිලා මේ පැත්තට වැටිලා වත්ද?
    අනේ මම නං වෙන නම් වලින් කොහෙවත් කමෙන්ට් දැම්මෙ නෑ. අඩු ගානේ ඇනෝ කමෙන්ට්ස් වත් මම ප්‍රතිපත්තියක් හැටියට දාන්නේ නැහැ. මොකද්ද අර කියපු ට්‍රෙන් එක?

    ReplyDelete
  15. @ඔබ්සර්වර්
    මට දැනුයි තේරුනේ. ඔය සින්දුවේ කියන ට්‍රෙන් එක ගැන නේද කියන්නෙ. එහෙනං ඒ ටික මටම තමා කියල තියෙන්නෙ. වෙන කෙනෙක් එක්ක මාව පටලගන්ඩ හේතුව මොකද්ද? අවන්කවමයි කියන්නෙ මෙතෙක් මම බ්ලොග් අවකාසේ වෙන නම් වලින් පෙනී හිටල නැහැ.
    නොදැන වත් වරදක් උනා නං ඒ ගැන බොහොම කනගාටුයි.

    ReplyDelete
  16. ඔය ඔබා අයියට පොඩ්ඩක් වැඩිවෙලා.. වෙනදා ෂොට්ස් 2න් නවත්තන බුවා අද 3ක්ම දාලා, ඒකයි ඔය, කෂ්ටිය ගනන් ගන්ට එපා.. (රහසින්: නාකියට පොඩි අමතකවීමේ ලෙඩකුත් තියෙනවා) :D

    අඩේ ඔබා අයියා, ඔයා දන්නෑ මගෙ සුමධුර සුගායනීය හඩින් සිංදු අහන්ට පින් කොරලා තියෙන්න ඕන.. :))

    ReplyDelete
  17. @පොත්ගුල්ලා,

    නැහැ නැහැ, ඒ ෆිල්ම් එක මතිලුකල් නෙවෙයි.. මම පොඩි සර්ච් එකක් දැම්මා, මෙන්න ඒක..
    http://www.imdb.com/title/tt0274372/
    http://en.wikipedia.org/wiki/Bharathi_(film)

    මෙතනින් ගිහින් බලන්න පුළුවනි.. හැබැයි සොරි වෙන්ඩෝන සබ්ස් නං නෑ..
    http://www.bharatmovies.com/tamil/watch/bharathi-movie-online.htm

    ReplyDelete
  18. මම වැඩිය ඉංග්‍රීසි සින්දු අහන කෙනෙක් නෙවෙයි. ඒ අහන්නෙත් පොප් සහ වේගවත් රිද්ම ඇති ගොඩක් ජනප්‍රිය සින්දු විතරයි. මේ ගීතය මම ඇහුවෙ අදයි. සැබෑ වෙනසක්! බොහොම ස්තූතියි සහෝ!

    ReplyDelete
  19. @බුරතීනෝ
    කිව්වත් වගේ ඔබා මහත්තයට ටිකක් වැඩි වෙලා වගේ.

    මතිලුකල් චිත්‍රපටියත් කවියෙක් ගැන තමා. මං හිතන්නේ ඒ කේරළේ මහා කවියා. ඒක නිදහස ගැන කතාවක්.

    @විසිතුරු
    මකරන්දයේ මුලින්ම දාපු කමෙන්ටුවට ගොඩක් ස්තුතියි. මමත් වැඩිය ඉංග්‍රීසි සින්දු අහන කෙනෙක් නෙමෙයි. ඒත් මේ වගේ සින්දු වලට ආසයි. ගීතය හොඳින් රසවිඳපු ඒක ගැන හුඟක් සතුටුයි.

    ReplyDelete
  20. අපි සින්දු ගැන කතාකලාට දැන් මේ සින්දුවේ තේරුම ගැන කිසිවක් කතා කලේ නැහැනේ . මදි මදි මට නම් කතාව මෙහෙම නවත්තනවා දකින්න බැහැ. දැන් ඔය සින්දුවේ කියන විදියට ප්‍රේමයෙන් පරාජය වුනහම ..ඒ කියන්නේ කෝච්චිය ගියහම ඒ ගැනම හිතහිත ඉන්න එක හරිද . නැත්නම් නියම ප්‍රේමය ඇති වෙන්නේ එකවරක්ද .
    ''ස්ත්‍රී චින්තනයේ ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේ ගෝවා වගා කල හැකිය '' කියල කවුද කට කහනවට කියලත් තිබුන .

    ReplyDelete
  21. @බින්දි
    ප්‍රේමයෙන් පරාජිත වුනහම ඒක බාර අරගෙන පැත්තකට වෙන්ඩ ඕනේ කියල මම නං අදහස් කරන්නේ නැහැ. නමුත් එකම ප්‍රේමයකට මුළු ජීවිතේම පුද කරලා නොලැබුන විට මුළුමනින්ම හුදකලාවුණු චරිත මම දැකල තියෙනව. විශේෂයෙන් කාන්තාවන් අතර. පිරිමින් අතර නම් හොයාගන්න හුඟක් අමාරුවෙයි.
    නියම ප්‍රේමය ඇතිවෙන්නේ එක වරක් නොවෙන්ඩ පුළුවන්. ඒත් කාටද ප්‍රථම ප්‍රේමය අමතක කරන්ඩ පුළුවන්?

    ReplyDelete
  22. //නමුත් එකම ප්‍රේමයකට මුළු ජීවිතේම පුද කරලා නොලැබුන විට මුළුමනින්ම හුදකලාවුණු චරිත මම දැකල තියෙනව. විශේෂයෙන් කාන්තාවන් අතර. පිරිමින් අතර නම් හොයාගන්න හුඟක් අමාරුවෙයි.//

    මේ කියලා තියෙන්නේ ඇත්තම ඇත්ත කතාවක්!!!:D:D:D

    ReplyDelete
  23. බින්දි හරි අපූරු වැඩක් කලා මේ පෝස්ට් එකේ කොමෙන්ට් ස්ට්‍රීම් එකේ...
    ඔන්න මුලින්ම කතාව නානා මස්කූරි ගැන හැරෙව්ව එතනින් ටිකදුරක් යනකොට.. ඕං ඇවිල්ල ගීත කොපි කිර්‍රීමට හැරෙව්ව... ඒක හුඟක් දුර ගියාට පස්සෙ දැන් ඇවිත් ඇත්තටම් පෝස්ට් එකෙන් කියවුනේ මොකක්ද කියන පැත්තට හරෝල ගිහින්...

    මට එන්න ටිකක් පරක්කු වුන නිසා මුල් ෆේස් දෙක මිස් වුණා... මගෙ සටහනත් මේ පදවල තියෙන ප්‍රේමය සහ දුක ගැන...

    මොන අහේතුවකටද මන්ද ඇත්තටම ආදරේ කරන පෙම්වතුන්ටත් නොයෙක් හේතු නීසා වෙන්වෙන්න වෙන අවස්තා අනන්තයි...

    පිරිමින්ටත් ඒ දුක නොදැනෙනවා කියා හිතන එක හැරි නෑ.. නමුත් වෙන්වීමකදි දැනෙන අසරණකම ගැහැනියකට තදින් දැනෙනවා මම හිතන්නෙ...

    // Now, the train pulled out, the whistle blew
    With a long and lonesome moan
    He's gone, he's gone like the morning dew
    And left me all alone //

    මේ පේලිවල මම දකින්නෙ ඒ තනිවීම සහ අසරණ හැඟීම....

    මගේ හිත ඉතාම දුක්බර හැඟීමක් දැනුනා මේක අහද්දි... ඒකට නානා ගෙ ඉතාම හැඟීම්බර කටහඬත් එකතුවෙනව...

    මට මේ දැනුන විදිහටම දැනුන සිංහල ගීතයක් තියෙනව..

    ඔබ ගියාම දුක මට දී..
    දුක දරාගන්න නොහැකී..
    ටජ් මහල් සිහින ඉහිරී..
    සිත අනාථ වී සරණී..

    නිරෝෂා මේක ලස්සනට කියනව ..ඒත් මට හිතෙනව නීලා වික්‍රමසිංහගෙ හඬින් අහන්න තිබුණනම් කියල...

    .........................

    @ පොඩ්ඩි

    /// //නමුත් එකම ප්‍රේමයකට මුළු ජීවිතේම පුද කරලා නොලැබුන විට මුළුමනින්ම හුදකලාවුණු චරිත මම දැකල තියෙනව. විශේෂයෙන් කාන්තාවන් අතර. පිරිමින් අතර නම් හොයාගන්න හුඟක් අමාරුවෙයි.//

    මේ කියලා තියෙන්නේ ඇත්තම ඇත්ත කතාවක්!!!:D:D:D ///

    ඇයි සාජහන් කලුද .. :D

    ...................

    @ බින්දි

    //''ස්ත්‍රී චින්තනයේ ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේ ගෝවා වගා කල හැකිය '' //

    පොඩ්ඩි වගේ අය යන එන තැනක මෙහෙම දෙයක් ලිව්ව එක ගැන මෙන්න සැලියුට්..

    - සපතේරු උන්නැහේ

    ReplyDelete
  24. අප්පට සිරි මම් ආපු පලවෙනිම දවසේ තියෙන්නේ කඩ්ඩ පෝස්ට් එකක් නේ. මම මේ සිංදුව අහලා නෑ. අහලම බලන්න ඕනා.

    අද ඉදන් දිගටම මාත් මකරන්දයට සෙට් වෙනවා.

    ReplyDelete
  25. @පොකු / සපතේරු උන්නැහැ
    ඔය බලන්ඩකෝ මේ බින්දිත් කරන වැඩ. අවුස්සලා තියල පැත්තකට වෙනව නේද? හොඳ වෙලාවට සපතේරු උන්නැහැ දැක්කෙ.
    මගේ බ්ලොග් කටුව තුල රසවත් සාකච්ඡාවක් ඇති කරන්ඩ බින්දි දරන උත්සාහයට ගොඩක් ස්තුතියි.

    //''ස්ත්‍රී චින්තනයේ ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේ ගෝවා වගා කල හැකිය ''//
    ඔය කතාව බින්දි මගේ මූණු පොතෙන් අහුලගත්තු එකක්. මගෙන් අහුලගෙන මටම පහර දෙනව. (හි..හි..). හැබැයි අදහස මගේ නෙමෙයි. ජ'පුරේ කොල්ලෙක් ලියපු කුරුටු කවියක්. මගේ පුද්ගලික අදහස අනුව ඔය කතාව ඇත්ත නං අපිට මෙහෙමත් කියන්ඩ සිද්ධ වෙනව.

    - පුරුෂ චින්තනයේ ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේ පමණක් නොව ගෝබි කාන්තාරයේත් ගෝවා වගා කල හැකිවනු ඇත.

    කොහොම උනත් මං හිතන්නෙ Green House එකක් ගැහුවොත් ඔය කොතනත් ගෝවා වගා කරන්ඩ පුලුවන්වෙයි. ඒ නිසා ඔය වගේ අදහස් බොහොම සාපේක්ෂයි.

    ඊළඟට අනික් අදහස ගැන කිව්වොත් අපි කතා කලේ වර්තමානයේ ගැහැණු පිරිමි ගැන. සාජහාන් ල හිටපු කාලෙ ඉවරයිනේ. අනික මුම්ටාස් මහල් ගේ මරණෙට වගකියන්ඩ ඕනෙ සාජහාන්. කිසි අනුකම්පාවක් නැතුව ඒ මනුස්සය ලව්වා ඔය තරං ළමයි ගොඩක් හදා ගෙන තව දාහතරවෙනි ළමය හම්බවෙන්ඩ ගිහින් නේද මැරුනෙ?

    සපතේරු උන්නැහැ ගීතය හොඳින් රස විඳපු එක ගැන ගොඩක් සන්තෝසයි. ඒ පද වැල හරිම සාහිත්‍යාත්මකයි නේද? බොහොම ස්තුතියි කමෙන්ටුවට.

    ReplyDelete
  26. @මධුරංග
    ඔන්න මධුරංග මල්ලිව අපි මකරන්දයට සාදරයෙන් පිලිගන්නව.

    සින්දුව කඩ්ඩෙන් උනාට බොහොම රසවත්. අහලම බලන්ඩකෝ.

    කමෙන්ටුවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  27. @සපතෙර් උන්නැහැ
    මේ ගීතයට බොහොම සමාන අර්ථයක් තියෙන සිංහල ගීතයක් මට මතක් උනා.

    ඔබට මතක නෑ
    මට මතකයි
    පසුගිය වසන්ත කාලේ

    මා හද උයනේ
    එකම මලයි පිපුනේ
    ඒ මල ඔබ දෙස
    බලා සිටිද්දී
    සැලී සැලී ආශාවෙන්
    නොසිතු ලෙසින් ඔබ යන්න ගියේ
    පසුගිය වසන්ත කාලේ

    ලිව්වේ - ඩෝල්ටන් අල්විස්
    ගායනය - නන්දා මාලනී
    සංගීතය - අමරදේව

    මෙතනින් අහන්න -
    http://www.youtube.com/watch?v=r33KyvJ3KCw

    ReplyDelete
  28. මමත් අදමයි මෙහාට ආවෙ. මධූරංග අයියා කිව්ව වගේම, කඩ්ඩ පෝස්ට් එකක් තමා ඉස්සෙල්ලම දැක්කෙ.
    ලස්සනම ලස්සන සින්දුවක්.මටනම් මේක තදින්ම වැදුනා. ප්‍රේමය ගැන නිතරම ලියන , හියන මට හරිම සතුටුයි....

    මේ සින්දුවෙ මම කැමතිම මේ ටිකට.

    "There's many a change in the young girl's heart
    But never a change in mine"

    :D :D

    ලස්සනයි යාලු.. දිගටම ලියන්න ඔබට ජය...!!!

    ReplyDelete
  29. @හිතුවක්කාරී
    ඔයාවත් මකරන්දයට සාදරයෙන් පිළිගන්නව. සින්දුව රසවිඳීම ගැන සතුටුයි. මටත් ඕන කලේ රසය බෙදා හදා ගන්නයි. ඔයාගේ හිතට වැදිච්ච කෑල්ල ඇත්තටම මගෙ හිතටත් තදින් වැදුන.
    හැබැයි අලුත්ම පෝස්ට් එක මේක නෙමේ. හෙනහුරාගේ කතාවත් කියවල බලන්න. තව ඔයා ආදරේට ආදරය කරන කෙනෙක් නිසා මකරන්දයේ මුල්ම පෝස්ට් එකටත් කැමති වෙයි.
    කමෙටුවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  30. සන්කිච්චෙන පංච උපදානස්කන්ධා දුක්කා

    ReplyDelete
  31. මම කල්පනාකලේ කොල්ලොනම් ඔහොම කියාවිද I will never Marry :)

    ReplyDelete
  32. @TG
    හපොයි, මං නං අහන අහන කෙනාට කියන්නේ ඕකනේ.
    "I will never marry"
    කොච්චර කිව්වත් ඉතින් වැඩක් නෑ. හොඳ කෙනෙක් ඉන්නවා කතා කරන්ඩද කියා කියා තමා හුඟක් අය අහන්නේ.

    ReplyDelete
  33. මරු ...පොත්ගුල්ලට එතකොට සොයන්න ඕනේ I will never Marry කියන කෙල්ලෙක් . Never Marry කියන එක තමයි දෙන්නම ගැලපෙන පොදු සාධකය. :) :)හි හී

    ReplyDelete