Sunday, May 6, 2012

බුද්ධ

සමාධි බුද්ධ ප්‍රතිමාව, ගල් විහාරය, පොලොන්නරුව. 
"බුද්ධ" යනු කවරෙක් ද?
ඔබෙන් මේ පැන යමෙක් ඇසුවොත් ඔබ කුමක් කියන්නෙහිද? මිනිසුන් අතර උත්තමයෙක්, දෙවියන්ටත් ඉහල කෙනෙක්, චිත්තාකර්ශනීය රූ සපුවකින් හෙබි පුද්ගලයෙක්, සියලු කෙලෙසුන් නැසූ අයෙක් යනාදී නොයෙක් පිළිතුරු ඔබේ සිතට ගලා එනු ඇති. එහෙත් වරක් බුදු රදුන් වෙතින්ම මේ පැනය විමසන ලදුව උන්වහන්සේ  විසින්ම 'බුද්ධ' යනු කවරෙක්දැයි පැහැදිලිවම ප්‍රකාශ කළ සේක. 

යම් අවස්ථාවක උන් වහන්සේ වෙත පැමිණි බ්‍රාහ්මණයෙක්, "ඔබ දෙවියෙක් ද?", යි විමසා සිටියේය. එසේ නොවෙතැයි උන්වහන්සේ පිළිවදන් දුන්හ. "එසේ නම් ඔබ බ්‍රහ්මයෙක් ද?" යි බමුණා ඇසීය. එයටද නොවන්නෙමැයි පැවසූහ. තෙවනවර "එසේ නම් ඔබ යක්ෂයෙක් ද?" යි ඇසූ කල එයට ද නැතැයි කීහ. "එසේත් නොවේ නම් ඔබ මිනිසෙක් ද?" යි බමුණා  අවසන ඇසී ය. එයටද උන්වහන්සේ ගේ පිළිතුර වූයේ නැත යන්න ය. "එසේ නම් ඔබ කවරෙක් ද?" යි වික්ෂිප්ත වූ බමුණා ඇසී ය. "බමුණ, මම බුද්ධ වෙමි" යි බුදු රදුන් පැවසු සේක. බුද්ධ යනු කවරෙක් දැයි ඇසූ බ්‍රාහ්මණයාට බුදු රදහු මෙසේ පැවසූහ.

"අභිඥ්ඥෙය්යං අභිඥ්ඥාතං - භාවේතබ්බංච භාවිතං
පහාතබ්බං පහීනං තේ - තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ"  

'අවබෝධ කළ යුතු වූ සියල්ල අවබෝධ කළ බැවින් ද,
පුහුණු කළ යුතු වූ සියල්ල පුහුණු කළ බැවින් ද,
ප්‍රහාණය කළ යුතු වූ සියල්ල ප්‍රහාණය කළ බැවින් ද
බ්‍රාහ්මණය, මම බුද්ධ වෙමි.' 

'Understood are the things to be understood,
Cultivated are the things to be cultivated,
Eradicated are the things to be eradicated,
Therefore Brahmin, I am the Buddha.'


මැලේසියාවේ හිටපු ප්‍රධාන සංඝ නායක කිරින්දේ ශ්‍රී ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් ගේ දෙසුමක් ඇසුරෙනි.
- සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා! -

11 comments:

  1. මීට සති කිහිපයකට කලින් පුද්ගලයෙක් භාවනා කිරීම ගැන විස්තරයක් කරා. පැය බාගයක් විතර ඔහු කර කතාව නිහඬව අසා සිටින්න මං ඉවසිලිවන්ත වූයේ 2004 සුනාමි ඛේදවාචකය අවස්ථාවේ අපිව පව්කාරයින් ගානට දා කතාකර පිරිස අතර ඔහුද සිටිය නිසා. පසුව භාවනා ක්‍රම ගැන, අපේ රට ගැන සුහදව කතා කරන්න අවස්ථාවක් මට ලැබුණා, එතැනදී මතුවූ ප්‍රශ්ණය විස්තර කිරීමට මේ හා විස්තරයක් කරන්න සිදු විය. කොතැන දී හෝ කියවා තිබුණත් දේශණාවට සම්බන්ධ හිමි ගැන මතකයක් නොවිය.

    ReplyDelete
    Replies
    1. පළමු කමෙන්ටුවට ඩීන් සොයුරාට ස්තුතියි.
      ධම්මානන්ද හිමියන් පැවැත්වූ දේශනය මේ සබැඳිය ඔස්සේ නැරඹිය හැකියි.

      http://www.youtube.com/watch?v=S37oRAFW_lg

      Delete
  2. නොදන්න දෙයක් දැනගත්තා. පොත් ගුල්ලා අයියට පින් !!!

    ReplyDelete
  3. නොසෑහෙන්න බොන්ඩ වෙයි වගේ....

    ReplyDelete
    Replies
    1. හපොයි කමක් නෑ, හැබැයි ආදීනව දැනගෙන.
      පළමු වෙනි ආදීනවය : ඔබී නෝනා ගේ බලවත් උදහසට බඳුන් වීම. (දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් පලදීම සිදුවනු ඇත.)

      Delete
    2. ආයෙමත් ලිපිය කියෙව්ව. මෙවර කාරණා හිතටත් ගත්ත.

      Delete
    3. හත් දෙයියනේ!
      ඔබා මහත්තය ඇවිත් ගිහින්, මම දැනුයි දැක්කේ. ඔබා මහත්තය අන්තරා වුනු වග මුලින්ම දැනගත්තේ Face Book එකෙන්. ඊට පස්සේ ගොඩ දවසකින් බ්ලොග් එකවුන්ට් එකට ගොඩ වුනේ. ඔබා මහත්තය ගැන ලියවුනු පොස්ට් ඔක්කොම කියවල අදහස් දක්වල නිකමට මේ පොස්ට් එකේ කමෙන්ට්ස් දිහා බලන කොටයි දැක්කේ දවස් දෙකකට කලින් නැවත මේ පැත්තේ ඇවිත් විත්තිය.
      ඉතාමත් serious ගනයේ මේ ලිපියටත් ඔබා මහත්තය සුපුරුදු විනෝදකාමී අදහසක් දක්වල තිබුන. මමත් විහිලුවක ආකාරයෙන්ම පිළිතුරු දුන්න. නමුත් ඔබා මහත්තය ආයෙත් මේ පැත්තේ ඇවිත් ලිපිය කියවයි කියල නිකමටවත් හිතුනේ නැහැ. මගේ පිළිතුරෙන් හිත රිදුනද දන්නෙත් නැහැ. ඒත් දැන් එහෙම උනා නම් සමාවෙන්න කියන්න පමා වැඩියි. අනේ ඉතින් මම ලිපියක් ලිව්වොත් ඔබා මහත්තය අනිවාර්යයෙන් මේ පැත්තේ එන කෙනෙක්. බ්ලොග් ලිවිල්ල මාස ගණනකට අත්හැරලා තිබිල නැවත ලිපියක් ලියු සැනින්ම ඔබා මහත්තය කියවන්න ආව. මට ඉන්නෙත් සීමිත රසික පිරිසක්. ඒ අතරිනුත් වඩාත්ම ලබැඳි සබැඳියෙක් මට නැති උනා. ජීවිතේට ඇහින් නොදැකපු කෙනෙක් ගේ මරණය මේ තරං ශෝකයක් හිතේ ජනිත කරයි කියල නිකමටවත් මීට කලින් හිතුනේ නැහැ.
      කොහොම උනත් ඔබා මහත්තය මිය ගිය අයුරු ගැන හිතේ ඇතිවෙන්නේ සතුටක්. හදිසි හෘදයාබාධයක් නිසා සිදුවූ මරණයක්. සැම විටම අන් අයගේ සෙත පැතූ සුන්දර මිනිසා ජීවිතේ සැඳෑ සමයේදී කිසිවකුට බරක් නොවී, දුක් නොවිඳ මිය ගියා.
      ඔබ්සර්වර් නොහොත් සනත් විජේවර්ධන සහෘදයාණනි, ඔබට නිවන් සුව!

      Delete
  4. පහන් සිත් ඇති වූ ලිපියක් . ඊයේ පෙරේදා බ්ලොගර් මට කමෙන්ට් කරන්න ඉඩ දුන්නේ නැහැ . සතුටුයි නැවත ලිවිම ගැනත්

    ReplyDelete
  5. කිරින්දේ ධම්මානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවල තියෙන වැදගත්කම තමා සරලව කරුණු පහදලා දෙන එක. විශේෂයෙන්ම ඒ හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි ධර්ම දේශනා පවා සරල ඉංග්‍රීසියෙන් තමා සිදු කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හසිත එහෙනං පරණ ලිපි පැත්තෙත් ඇවිත්.
      බොහොම සතුටුයි.

      Delete