එකමත් එක ගම් පොඩියක - හේනක් කුඹුරක් වවාන
බත බුලතින් සරුසාරෙට - උන්නා ගම රාල කෙනෙක්
කේන්දරේ බලල තමා - ගම රාලගෙ වැඩ සේරොම
පැල හිටුවන්නෙත් නැකතට - අස්වනු ගන්නෙත් නැකතට
දවසක් දා කේන්දරේ - අතට අරන් බැලූ කලට
දවසක් දා කේන්දරේ - අතට අරන් බැලූ කලට
හෙනහුරු අපලය එන බව - ගමරාලට පෙනී ගියා
බලපුලුවන්කාර කමින් - හෙනහුරු මහ ඉහළ කෙනෙක්
අපල කරන්නට ගත්තම - නෑ කිසි වගතුවක් ඉතින්
"අනේ ඉතින් හේන් කුඹුරු - කරල මොටද මේ කාලෙට"
ගමරාලත් හිතේ දුකින් - ඔහෙ ඉන්නව පසු තැවෙමින්
අනේ අනිච්චං කියාන - අතක් කම්මුලේ තියාන
පිල් කණ්ඩියෙ වාඩි වෙලා - ගමරාලගෙ දවස ගෙවේ
දිනක් මෙහෙම ඉන්න කලට - කැලේ හිටිය නරි නයිදේ
මොකදෑ මේ ඉන්න විදිහ - ගම හාමිනෙ මැරිල වත්ද?"
මෙහෙම හිතපු නරි නයිදේ - හෙමින් ඇවිත් රාල ලඟට
අකම්පාල වෙලා ඉන්ඩ - හේතු කාරනා ඇහුවා
"නරි රාලේ මේ කාලේ - මට මහ අපලයි වාගේ
කේන්දරේ බලපුවාම - හෙනහුරු නොවැ උඩ ඉන්නේ
හෙනහුරු අපලය ආවම - කිසිම වැඩක් හරි යන්නෑ
ගොවිතැන් බත් හේන් කුඹුරු - කලාට කිසි වගකුත් නෑ"
මේක අහපු නරි නයිදෙට - කට කොනකින් හිනා ගියා
"අනේ මෙහෙම මෝඩ ගමයො - ඉන්නව නොවැ මේ කාලෙත්"
"රාලේ දුක් වෙන්න එපා - ඉන්නා විට නරි නයිදේ
ඔය අපලෙන් බේරෙන්නට - දන්නව මං කලයුතු දේ"
"ඒ මොනවැයි නරි රාලේ - මන්තරයක් වත්ද බොලේ
අනේ මටත් කියා දියන් - අපලෙන් ගැලවෙන කරමේ"
"රාලේ උඹ මේ අහපන් - මං කියනා ලෙස කරපන්
බකන්නිලන් ඉන්නෙ නැතුව - කුඹුරු කොටන්නට පලයන්"
ගමරාලත්, කිව්ව ලෙසට - උදැල්ලකුත් අරන් කරට
කුඹුරට බැහැලා ආයෙත් - කුඹුරු කොටන්නට ගත්තේ
ආකාසේ ඈත ඉඳන් - බලන් උන්නු හෙනහුරාට
ගමරාලත් උදලු අරන් - කුඹුරු කොටන හැටි පෙනුනේ
"මෙන්න බොලේ මේ ගමයා - හෙනහුරු අපලය නොතකා
කුඹුරු කොටන්නට අරගෙන - හිටුකො උඹට කරවන්නට"
හෙනහුරාට පෙනුණු විගස - වහාම නියඟය එව්වා
නරි නයිදෙත් දුවගෙන විත් - ගමයට මේ ලෙස කිව්වා
"රාලේ දැන් ඉතින් ගිහින් - හේනක් කොටලා හිටහන්"
ගමයත් කැත්තක් අරගෙන - හේන් කොටන්නට ගත්තේ
කැලෑ කොටා එළි කරලා - ගිනි ගහන්න හදනකොටම
හෙනහුරාට මෙය පෙනිලා - මහ වැස්සක් ඇති කෙරුවේ
වැස්සෙම නරියත් ඇවිදින් - රාළට මේ ලෙස කීවේ
"ආයෙත් කුඹුරට බැහැපන් - හේන දැනට අතහැරපන්"
නරි නයිදෙගෙ අණ අහලා - රාලත් කුඹුරට බැස්සා
මී ගොන් නගුලේ බැඳගෙන - කුඹුර හාන්නට ගත්තා
හාගෙන හාගෙන යනකොට - හෙනහුරාත් මෙය දැක්කා
හෙනහුරු අපලය විලසට - ආයෙත් නියඟය එව්වා
නරියත් දුවගෙන ආවා - රාළට උපදෙස් දුන්නා
සුද්දකරපු හේන ගිහින් - කොටන්න ගන්නට කිව්වා
හේන කොටා වැට බැඳලා - කුරහන් ටික අතට අරන්
පැල කරන්න හදනකොටම - හෙනහුරු අපලය එව්වා
ආපහු වැහි වහින කලට - රාලත් කුඹුරට බැස්සා
පෝරු ගාල වී ඉහලා - කුඹුරේ වැඩ කර ගත්තා
ඔය විදිහට විඩින් විඩේ - හෙනහුරු අපලය එවනව
ගමරාලත් සුදුසු ලෙසට - ඒ අයුරින් වැඩ කරනව
කුඹුරත් සරු සාර උනා - හේනේ බෝගත් පැහුනා
හෙනහුරු අපලයෙ පිහිටෙන් - රාලගෙ කරලත් පැහුනා
එදා පටන් ගමේ රටේ - රට්ටු කියන්නට ගත්තලු
හෙනහුරාත් මහ බලවත් - නරි නයිදෙට පැරදුනාලු
කේන්දරේ විසි කරලා - සිය බුද්ධිය යොදවාලා
එයින් පස්සෙ ගමරාලත් - ජීවිත සරු කරගත්තා
එතකොට මේකද මේ හෙනහුරා නරියට පැරදුන කතාව...
ReplyDeleteමුල් ලේඛකයාගෙ නමත් සඳහන් කළ එක හොඳයි..කොහොම වුනත් පොත්ගුල්ල හරි අපූරුවට මේක ප්‍රතිනිර්මාණය කරලා තියනවා...හරිම අපූරුයි..පොඩි දරුවන්ටත් කියල දෙන්න පුළුවන් අගේ ඇති කවි ටිකක්....
අපූරුයි. අපූරුයි පද පෙල. ඇත්තෙන්ම කතාවක් හැටියට ඉදිරිපත් කරනවාට වඩා මේ පදපෙල සරළයි ඒවගේම රසවත්.
ReplyDeleteඇත්තටම හරි ලස්සනයි. ඉගෙනගන්ට හොඳ පාඩම් රැසකුත් තියනවා.
ReplyDeleteබලාගන යනකොට නරි නයිදෙලත් හොඳයිනේ.
ව්ලව්වේ ඉන්න නරි මොටාත් මේක කියවයි කියලා හිතනවා...:)
අපූරු කතන්දරය.. කවියෙන් පබැඳූ නිසා තවත් රසවත් වෙලා!
ReplyDeleteනියම කතාව. අපලෙ අපලේ කිය කියා වැඩ කල් දාන අයට මේක හොද පාඩමක්. සෙනසුරු අපලෙටඩ කොහෙද විශ්නු දෙයියොත් බට කොල කෑවා කියනවා නේ.
ReplyDeleteකවිය නිසා කතාවත් ලස්සනයි.
ලස්සනයි.
ReplyDeleteකවිත් ලස්සනයි, චිත්‍රත් ලස්සනයි. අර නරියා හරිම ලස්සනයි.
ReplyDeleteළමයින්ට වගේම වැඩිහිටියන්ටත් හොඳ පාඩමක්.
අපූරුයි.............. අයියේ...... අද තමා ඕන් පොත් ගුලක් තියන බව දැක්කේ.
ReplyDeleteහරි අපුරුනේ . ඔන්න බලන්න සැඟවුන දක්ෂතා . හැමදාම බැනුම් අහන නරි හාමිගේ හොඳ දකින කතාවක් . බොහොම ස්තුතියි මන් මේ කතාව දැනන් හිටියේ නැහැ . නැකත් ග්‍රහමාරු ගැන නොහිතා ජිවිතේ ප්‍රශ්න වලට මුණ දෙන්න ඕන . කේන්දර බඅලපු අපේ ගුරු හාමුදුරුවෝ කිව්වා වගේ .ඕව විශ්වාස කරන කොටයි බලපෑම් ඇති වෙන්නේ . ඒ කියන්නේ හිතේ හය්යට ඔව්ව යටයි
ReplyDeleteශෝයි, කතන්දරේ. සෙනසුරාගෙ දත් දෙක මරු :)
ReplyDeleteඔන්න ඉතින් අහම්බෙන් වගේ සෙනසුරාගේ බලෙන්ද කොහෙද පොත්ගුල පැත්තට ආවේ අදයි... කවි පෙල නම් හරි අගෙයි... කථාවත් ආදර්ශවත්... හිතේ හයියට මොන බලවේගෙත් යටයි... !
ReplyDeleteජය...!!!
කවිය ලස්සනට ලියල... "රාලේ උඹ මේ අහපන් - මං කියනා ලෙස කරපන්
ReplyDeleteබකන්නිලන් ඉන්නෙ නැතුව - කුඹුරු කොටන්නට පලයන්"
මේ කතාවනම් කලින් අහල නෑ. පොඩිත්තන්ට වගේම ලොකු අයටත් හොඩ කතාවක් වගේ.. හෙන්හුරාගෙ අපලෙ නොබල මහන්සිවෙලා වැඩ කෙරුවොත් දියුණුව ලැබෙනව සත්තයි.
@ලකී
ReplyDeleteඅලුත් පොස්ට් එකේ පළමු කමෙන්ටුවට ලකීට ගොඩක් ස්තුතියි.
ඉස්සර මතකද විජය පත්තරේ මැද පිටුවේ කතා පොතක් හදාගන්ඩ තිබුණ. මං පුංචි කාලෙ අපේ අම්මගෙ මෙහෙයවීමෙන් ඔය කතා පොත් හද හද එක්කහු කළා. පසු කාලීනව ඒ පොත් ටික වෙන පොඩි ළමයින්ට බෙදල දුන්න. ඔය කතා අතර සුනිල් ජයවීරයන් ගේ කතා නිතර තිබුණ. එතුමන් එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ්‍ය වරයෙක් මගෙ හිතේ. ඔහුගේම අපූරු ආරක් ගත චිත්‍ර වලින් හැඩ ගැන්විලා බොහෝ විට කවියෙන්ම තමා ඔහු කතා ලිව්වේ. "නොදන්න දෙමළෙට ගිහිල්ල වරිගෙ නැහුන හැටි", "උසට උසයි මනමාලී" තව රජ්ජුරුවන්ගෙ ඇතා සුදු කරන්ඩ ලොකුම ලොකු මුට්ටියක් හදපු කතාවක්, එතකොට "ගී කියන කේතලේ" වගේම මේ, හෙනහුරා නරි නයිදෙට පැරදුනු කතාව එහෙම එතුමගෙ රචනා. මට කවි ටික නං මතක තිබුනේ නැහැ. නමුත් කතාව හොඳට මතකයේ රැඳිල තිබුණ. ඒ නිසා මං හදපු කවි ටිකකින් කතාවට නැවත පණ දුන්නා. මගේ චින්තනය හැඩගස්වන්ටත් ඇත්තටම මේ කතාව බලපෑවා.
@ගල්මල්
ඩීන් මහත්මාටත් බොහොම ස්තුතියි කරපු දිරි ගැන්වීමට. ඔබත් මේ පැදි පෙළ රසවිඳපු එක ගැන හරි සතුටුයි.
@පොකු
හුඟක් ස්තුතියි කමෙන්ටුවට. හැමෝම රසවින්ද නම් මට සතුටුයි. බලමුකෝ නරි මොටා මේ පැත්තෙ එයිද කියල. දැන් නරි හොයාගන්ටත් නැති තරං. ඉස්සර නං අපේ ගෙවල් පැත්තෙ වෙලෙන් එහා නරි හූ කියනවා නිතර අහන්ඩ පුළුවන්. දැන් උන්ට මොනව වෙලාද දන්නේ නෑ. සමහර විට මරල දාලද? නැත්තන් උන්ගෙ වාසස්ථාන අහිමිවීම නිසා වඳ වෙලා ගිහින්ද? අනේ පව්!
@විසිතුරු
ReplyDeleteකවිය රසවිඳීම ගැන ගොඩක් සතුටුයි. මං හිතුවට වඩා මේ කතාව ජනප්‍රිය වෙලා. විසිතුරුත් මේ වගේ කතා වලට කැමතියිනේ.
@මධුරංග
හරියට හරි මධුරංග මල්ලි. උත්සාහය තුළින් මොන අපලයක් උනත් ජය ගන්න පුළුවන්. මිනිස්සු ඕක අපලය, කරුමය, ඉරණම, දෛවය ආදී නම් වලින් හඳුන්වනවා. බුද්ධ දේශනාවට අනුව උනත් කර්මයෙන් සියල්ල සිද්ධ වෙන්නේ නැහැනේ. ඇත්තටම ජීවිතයට කර්මයේ බලපෑම තියෙන්නේ පහෙන් එකයි. නියාම ධර්ම පහක් තියෙනවනේ. අනෙක් සියලුම දේවල් ඒ ඒ නියාම ධර්ම අනුවයි සිද්ධ වෙන්නෙ. ඒ කර්මයේ බලපෑමෙන් සිදු වන පහෙන් එකත් ගති සම්පත්ති, උපධි සම්පත්ති, කාල සම්පත්ති වගේ දේවල් මගින් වෙනස් කරගන්න පුළුවන්. අපේ මිනිස්සු ඕක තේරුම් නොගන්න එකයි වරද.
කමෙන්ටුවට ගොඩක් ස්තුතියි.
@ප්‍රසන්න
එහෙනං කවි කියවන්ඩ ප්‍රසන්නත් මේ පැත්තෙ ඇවිත්. පුංචියට උනත් අදහස් පල කිරීම මට නං ලොකු දෙයක්. බොහොම ස්තුතියි.
@නලිනි චන්දිමා
ReplyDeleteමගෙ පොස්ට් එකකට ඩොක්ට ගේ කමෙන්ටුවක් වරදින්නේ නෑ. බොහොම ස්තුතියි. කවි ටික රසවින්දින්ට පුළුවන් වීම මගෙ වාසනාවක්.
අනේ චිත්‍ර නං එකක් වත් මගෙ නෙමෙයි. කාගෙද කියන්ඩ වත් දන්නෙ නෑ. අන්තර් ජාලේ පීරල හොයා ගත්ත. මීට පස්සේ හොයා ගත්ත තැන සඳහන් කරන්ඩ ඕනෙ, නේද? සමහරු එහෙම කරනවා මං දැකල තියෙනවා. එතකොට ලේඛකයා ඇඳපු චිත්‍ර නෙමේ කියල පැහැදිලී නේ.
@හා පැටික්කි
හා පැටික්කිවත් මකරන්දයට සාදරයෙන් පිළිගන්නව.
ඔව්, මේක තමා පොත් ගුල්ලගෙ, පොත් ගුල. දැන් ඉතින් මේ පැත්තෙ දිගටම එන්ඩකෝ.
පොත් ගුල්ලා විජය පත්තරේ මතක් කලායින් මම සේරම වැඩ නවත්තලා ඇස් දෙක පියාගන අපේ ළමා කාලෙට ගියා..පියල් මාමාගෙ කැලේ කතාව, මල් මාමා, සිබිල් නැන්දගෙ සූත්තර පුන්චා, සුරන්ගි අක්කා, එතකොට ටෝගා සහ චන්ඩි ටීකා ඕවා කියවන්න අපි ඒ දවස් වල මග බලාගන ඉන්නවා,.
ReplyDeleteඑක දවසක් සුරන්ගි අක්කගෙන් අහපු ප්‍රශ්ණයක් පත්තරේ පළවුනා..අම්මේ තිබ්බ සතුටක්...
අනේ අපේ පොඩිවුන්ට ඒ වගේ ළමා කාලයක් නැහැනෙ....
@බින්දි
ReplyDeleteකවි ලියන්න කියල මාව දිරිමත් කලේ බින්දිනේ. බයෙන් බයෙන් තමා මේ ටික publish කලේ. මොකද දක්ෂ, ප්‍රවීණ කවි කාරයෝ බ්ලොග් අවකාසේ ඉන්න කොට අපි වගේ අය ලියන කවි කියවන්නවත් පුළුවන් වෙයිද දන්නෙ නැහැනේ. කොහොම උනත් ඔයා ගේ ඉල්ලීම පරිදි මේක කවි මුතු මල් වල පල කරන්නයි හිටියේ. අසංක මල්ලිට කිව්වා. දොර ඇරලා දෙනවා කියල උත්තරේකුත් ලැබුණ. ඒත් තාම අසංක මල්ලිට යතුර හොයා ගන්ඩ බැරි වෙලා ද කොහෙද. අර මකර පැටිය එහෙම මේ කතාව කියන කන් බලන් හිටපු නිසා තව පරක්කු නොකර මකරන්දයේම පල කළා. අසංක මල්ලි දොර ඇරියම කවි මුතු මල් වලත් දාමු.
බින්දි දෙන සපෝට් එක නිසා මගෙ බ්ලොග් කටුවත් ජනප්‍රිය වෙනව වගේ.
@චානක අරුණ මුණසිංහ
ඔන්න මකර පැටිය ගේ ඉල්ලීම පරිදි කතාව කිව්ව. කතාව කියවන්න ආපු එක ගැන සන්තෝසයි. ඔය සෙනසුරාව ඇන්දේ මම නං නෙමෙයි. අන්තර් ජාලෙන් හොයාගත්තු එකක්. මේ පැත්තෙ ඇවිල්ල දාපු පළමු කමෙන්ටුවට තුති.
@චතුරංග පෙරේරා
ReplyDeleteහැබෑට හෙනහුරාට හොඳ ආකර්ෂණ ශක්තියක් තියෙනවා වගේ. හැබැයි සමහර විට නරියගෙ ද දන්නෙත් නෑ. කොහොම උනත් කවි ටික සෑහෙන්න ජනප්‍රිය වෙලා වගේ. මකරන්දය පැත්තෙ ආවටත්, ලියූ පළමු කමෙන්ටුවටත් චතුරංගට බොහොම ස්තුතියි.
@රෝස කුමාරි
කවි පෙළ ඔයත් රසවිඳීම ගැන මට ගොඩක් සතුටුයි. ඔයා විතරක් නෙමෙයි හැමෝම වගේ මේ කතාව කලින් අහල නැති පාටයි.
රෝස කුමාරි සද්ද නැතුව ඇවිත් සිනමා ලෝලීන්ට ලියපු පරණ පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාල ගිහිල්ල නේද? මං අදනේ දැක්කේ. මෙන්න ඒකට මගෙ උත්තරේ. ප්‍රමාදයට සමා වෙන්න.
//අනේ රෝස කුමාරි මෙතන කමෙටුවක් දාල ගිය බව දැක්කෙ අදනේ. සමාවෙන්ඩ උන ප්‍රමාදයට.
ඔන්න චිත්‍රපටි වැඩි ගණනක් බලපු යාලුවෙක් හම්බවෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. මමත් තාම බලල තියෙන්නේ ටිකයි. වැඩි හරියක් බැලුවේ මේ ලැයිස්තුව දැක්කට පස්සේ.
කමෙටුවට බොහොම ස්තුතියි.//
@ලකී
ReplyDeleteඔව්, ඒ කාලෙ විජය පත්තරෙයි මිහිර පත්තරෙයි තමා අපේ සතුට. විජය පත්තරේ හුඟක් ලිපි ගැන ලකී මතක් කරපු නිසා මං මිහිර පත්තරේ ගැන මතක් කරන්නන්කෝ. මිහිර පත්තරේ අමතක කරන්ඩ බැරිම ලේඛකයා තමා එස්. ඒ. දිසානායක මහත්තය. උන්නැහැ ලියාපු චිත්‍ර කතා බොහොම උපදේශාත්මකයි. යෝධයා සහ රාලහාමි, බටකොළ ආච්චි සහ බූ එතකොට තව මිකී මවුස් වගේ පෙනුමක් තිබ්බ බොහොම ජනප්‍රිය චරිතයක් තිබ්බ මට නම මතක නැහැ.
ආ.. හරි හරි මේ ලියද්දි මතක් උනා. - පුංචිත්තා- මගෙ ප්‍රියතම කාටුන් චරිතය. වරක් පුංචිත්තා යනවා කපුටු ලන්තෙට, තව වරක් කුක්කෙක් හම්බ වෙනව. කපුටු ලන්තේදී උදේ පාන්දර පුංචිත්තා කියපු කවිය මට පාඩම් හිටිය.
"ඇසෙන්නෙ කා කා හඬ සැම පැත්තෙන්
නැගෙව් කියන්නා වැනි දැන්ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියම එන්නේ
සිහිල් සුළං ආයුබෝවන් කියා මෙන්"
මේක කුමාරතුංග මුනිදාසයන්ගේ කවියක්.
තව වරක් අර කුක්කා මෙයාව එක්කන් යනවා බිතු සිතුවම් තියෙන ගුහාවකට. ඒ බිතුසිතුවම් වල තියෙන්නේ සුනිල් ශාන්තයන්ගේ "හඳ පානේ" ගීතය ගැන උසස් ගනයේ විචාරයක්. මගෙ මතකයේ හොඳට තැන්පත් උනා. දවසක ඒ ගැනත් කතා කරමුකෝ.
තව දුක දිනා ජයගත් හපන්නු, ජගත් සංවිධාන එතකොට ලක්දිව පුවත වගේ ලිපි වරද්දන්නෙ නැතුව කියෙව්වා. ඉතිහාසය කපාහරින ලද අධ්‍යාපන ක්‍රමයක් යටතේ ඉගෙන ගත් අපට ඉතිහාසය ගැන දැන ගන්න ලැබුනේ ඔය ලක්දිව පුවතෙන්. ඒ ලිපි සියල්ල මම එකතු කලා. මෑතක් වෙනකන්ම තිබුණ.
දැන් ළමයින්ට ඒ අත්දැකීම් නැහැ තමා. පත්තර වෙනුවට දැන් තියෙන්නේ වෙබ් එක. හොඳ මග පෙන්වීමක් යටතේ අන්තර් ජාලය පාවිච්චි කලොත් අද ළමයින්ටත් වරදින එකක් නැහැ.
/දැන් ළමයින්ට ඒ අත්දැකීම් නැහැ තමා. පත්තර වෙනුවට දැන් තියෙන්නේ වෙබ් එක. හොඳ මග පෙන්වීමක් යටතේ අන්තර් ජාලය පාවිච්චි කලොත් අද ළමයින්ටත් වරදින එකක් නැහැ./
ReplyDeleteමේ වෙනුවෙන් බ්ලොග් හරහා කරන්න පුළුවන් කොටසක් තියෙනවා. දැනටමත් බ්ලොග් ගණනාවක බොහෝ හරවත් සටහන් පොස්ට් ලෙස ඉදිරිපත් වෙනවා. ඒ වගේ තොරාගත් පොස්ට් කතෘ අවසර ඇතිව උපුටා පළකළ හැකි, පාසැල් ළමුන්ට භාවිතයට සුදුසු බ්ලොග් එකක් ඊ-සඟරාවක් වගේ ඉරිදිපත් කරන්න පුළුවන් නම් අපි අතරේ ඇති දැනුම් නිධි වලින් ප්‍රයෝජනයක් වේවි.
ඕන් මං බැන්නෙ අරහෙ මෙහෙ නැතුව කවි පන්තිය අගෙය් කියල විතරක් කොමෙන්ට් කොලා. කෝ මේ බුරා, තවම මේ පැත්තෙ ඇවිල්ල නැහැ වගේ
ReplyDeleteඅපේ සතිඅන්තය නිසයි එන්න පමා උනේ, ගමරාළ අත වනලා කතා කළ නිසා ටිකකට නං ඇවිත් ගියා, කවිටික රස වින්දෙ අද, මේ කථාව මමත් කළින් අහලා තිබුණේ නැහැ ,ඇත්තටම කාටත් රස විඳින්න පුළුවන් විදිහට ලියලා තියෙනවා
ReplyDeleteකමෙන්ටුවට ස්තුති කිරීම තහනම් ය. මාත් දිගටම මකරන්දයේ සාමාජිකයෙක් වෙනි. සාමාජිකයින්ට ස්තුති කීඊම තහනම් ය.
ReplyDeleteමරු කතාව.... ඒත් මම දන්න විදිහට නම් කතාව ඔතනින් ඉවර නෑ....
ReplyDeleteඔන්න දැන් ගමරාල හෙනහුරාට ගේම දීලා... කුඹුරයි හේනයි දෙකම ගොඩදාගත්තා කියමුකො...
ඕකට ඉතින් හෙනහුරාට අසූහාරදාහට මල පැනලා තිබ්බේ....දෙන්නම් ජම්බු කිය කිය ගොයම් කපන දවස වෙනකන් හෙනහුරා බල බල උන්නලු...
ඔන්න ගොයම් කපන දවසේ ගමරාල ගමේ මිනිස්සුත් එක්කම කුඹුරට බහිනකොටම මෙන්න හෙනහුරාත් එතනට ඇවිල්ලා හිටියලු.. ඊට පස්සෙ හෙනහුරා ගමයව අමතනවලු...."උඹ හිතන් ඇති නේද උඹ හෙන ඩයල් එක කියලා... අඩෝ දැනගනින් මම හෙනහුරා... මම අහවල් දෙයියන්ටත් බටකොල කවපු ඩයල් එක...බලපන් උඹ ගහන එක ගොයම් කොලේකින්(ගොයම් ගොඩකින්) ලැබෙන්නෙ එක වී මල්ලයි..."
කියලා හෙනහුරා වාෂ්ප උනාලු...
දැන් ඉතින් ගමයට ආයෙ අප්සට්ලු... මෙච්චර කරලත් වැඩක් වුනේ නෑ කියලා... ඔනා ඔය වෙලේ තමයි ආයෙ නරි මොලේ උදව්වට එන්නේ...ඊට පස්සෙ ගමයා ගොයම් කපන කට්ටියට කිව්වලු ගොයම් ගොඩකට ගස් දෙක ගානෙ හිටින්න ගොඩවල් ගහන්න කියලා..
කොහොමද ගොයම් ගස් දෙකකින් වී මල්ලක් හම්බෙනකොට...
හෙනහුරා ඉල්ලන් කෑවලු ඉතින් ....
වෙනසක් ඇති පෝස්ට් එකක්... අපි නිතර මුණගැහෙන බ්ලොග් වල මේ වගේ පෝස්ට් එකක් දැක්කමයි මට මතක හැටියට..
ReplyDeleteකවි ටිකත් මරු ගමයයි නරියයිත් මරු... ඇනිමේටඩ් චිත්‍රයකුත් ඔය සිංහල බ්ලොග් පෝස්ට් එකක දැක්කෙ මුල් වතාවට කියලයි මතක...
විජය පත්තරේ කතා පොතට මමනම් වැඩියෙන්ම ආස අර පොත හැදුවට පස්සෙ අගට තියෙන "මේ පොත අයිති ....... ටයි" කියන තැන නම ලියාගන්නයි.ඇයි ටොම් සොයර් වගේ පොත මැදට අම්ම ගහල දෙන ස්ටේපල් කටු යාලුවන්ට පෙන්නන්න... ඒ කාලෙ ( දනට අවු 30 කටත් එහා වගෙ ) අනිත් යාලුවො පොත් හැදුවෙ මහල...
@ ඩීන් අයිය..
පොඩි අය වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් බලමු.. හරිම හොඳ අදහසක්...
@ගල් මල් / සපතේරු උන්නැහැ
ReplyDeleteඅපි එහෙනං උත්සාහයක් කරල බලමුද? පටන්ගැන්මකට ළමයින් වෙනුවෙන්ම බ්ලොග් එකක් හදමු. අර කවි මුතු මල් වල වගේ කිහිප දෙනෙකුට එක් වෙලා වැඩේ කරන්ඩ පුළුවන්. ළමයි වෙනුවෙන් ලියන්න කැමති අය ඉන්නවනං ඒ අය මේකේ කමෙන්ට් කරලා කැමැත්ත දුන්නොත් අපි පටන්ගමු. කෝ මේ බින්දි? ඔය බ්ලොග් එකට හොඳ නමක් බින්දිට කියල දා ගමු. මේ හෙනහුරාගේ කතාව, එතකොට හඳ උත්සවේ ගැන බින්දිගේ කවි පන්තිය එහෙම එක්කහු කළහැකි ආරම්භයක් දෙන්න. මොකද ඔබ දෙපල කියන්නේ?
@සපතේරු උන්නැහැ
අගය කිරීමට ගොඩක් ස්තුතියි. එහෙනං අපි බොහෝ දුරට සම වයස් කාණ්ඩයක් වගේ නේද? මං හිතන්නේ මමයි, බින්දියි, ඩොක්ට නලිනි යි සපතේරු උන්නැහැ ට වඩා අවුරුදු දෙකක් තුනක් විතර වැඩිමල් ඇති. බුරා ල කුමාරිහාමි ල එහෙම අපිට ටිකක් බාලයි වගේ. කවි මුතුමල් ලියන අසංක ආසිරිට මල්ලි කිව්වට හරිනන් පුතා කියලයි කතාකරන්ඩ ඕනෙ. හි... හි...
@ඔබ්සර්වර්
ReplyDeleteඑහෙනං ඔබා මහත්තය අද හොඳ සිහියෙන් වගේ. අනේ ඇත්තමයි පහුගිය වාරේ මම ඇත්තටම අප්සට් ගියා.මෙලෝ හසරක් හිතා ගන්ඩ බැරි උනා. ඉස්සරහට නං ඇත්තට බැන්නත් ගණන් ගන්නේ නෑ.
@හරී පිණි - පළස
වෙනදට වේලපහින්ම එන කෙනා මමත් බැලුව කෝ කියල.
හොඳින් රස වින්ද නං සතුටුයි.
@මධුරංග
එසේය මලනුවනි. මින් පසු එසේ නොකිරීමට වග බලා ගමි.
ඒ ගැන කිව්වට තෑන්ක්q.
@හරී
ReplyDeleteඔය ඉන්නෙ කතාව හොඳට දන්නා කෙනෙක්. මකරන්දයේ දාපු පළමු කමෙන්ටුවට හරී ට ගොඩක් ස්තුතියි. ඒ වගේම කතාවේ ඉතුරුටික කිව්වටත් පින්. ඒකත් මරු වැඩේ. ඇත්තටම ගමයම හිතල කලාද, නැත්තන් නරිය ඇවිත් කිව්වද? ගම රාල නරියට තෑගී මුකුත් දුන්නෙ නැද්ද දන්නෙ නෑ නේද? ලොකු තෑග්ගක් දෙන්ට වටිනව. අඩු ගානේ කුකුල්ලු පස් දෙනෙක් වත්!
හික්ස්..
ReplyDelete//මං හිතන්නේ මමයි, බින්දියි, ඩොක්ට නලිනි යි සපතේරු උන්නැහැ ට වඩා අවුරුදු දෙකක් තුනක් විතර වැඩිමල් ඇති.//
ඔය කියන විදියට නලිනිට 40 ට ලං කරලා ඉන්නෙ....දොස්තර නෝනේ..මෙන්න මෙහෙ එන්ඩෝ......
හරි ඔන්න මම ගින්න අවුලුවන්නයි හදන්නෙ...පොත්ගුල්ලා හැංගෙන්න ගුලක් හොයා ගත්තොත් හොඳා...
@ලකී
ReplyDeleteඅනේ මොනවට හැංගෙන්ඩද? මට නං වයස හන්ගන්ඩ කිසි ඕනෙ කමක් නැහැ. ඩොක්ටටත් එහෙම උවමනාවක් නැහැ මයේ හිතේ. කොහොමත් අර වැඩ හයේ ඕ.ලෙවල් කරපු කට්ටිය කිව්වම නිකන්ම වයස හොයාගත්තහැකි නේ. ඔය නෙලුම් විලේදී කට්ටිය ඇති වෙන්ඩ කතා උනේ. ලකී කොහොමත් මූණු පොතෙන් මගෙ වයස දැනටමත් දන්නවනෙ. හැබැයි ලකී නං ඒකෙත් වයස හංගල.
Growing old is inevitable; growing up is optional.
ReplyDelete- Philosopher Dr.Nalini
අප්පච්චියේ..කසාද බැඳලා දරු මල්ලොත් ඉන්න අපි මොනවට වයස හංගන්නද..
ReplyDeleteමම පොත්ගුල්ලට වඩා අවුරුදු තුනකින් බාලයි...මම පොඩි විහිලුවක් කලේ..හැබැයි මම ඔය කට්ටියගෙන්ම හමුවෙලා කතාබහ කරල තියෙන්නෙ නලිනි විතරයිනෙ.ඒ නිසයි මම අරහෙම කිව්වෙ...කෝකටත් ඊළඟ සැරේ ආවාම පොත්ගුල පැත්තෙත් එන්න ඕන...
@ඔක්කොමලට..
ReplyDeleteමම නම් වයස දෙතුන්පොලක කියලත් තියෙනව... ආයෙ හංගන්න දෙයක් නෑ... මම ඔය වැඩ හයේ ඕ ලෙවෙල් කේස් එක ඉවරවෙලා වැඩ අටෙන් ඕ ලෙවෙල් කරපු පලවෙනෙ බැච් එකේ...
ඒ කිව්වෙ 74 ඉපදිලා 80 හෝඩියට ගිහින් 90 ඕ ලෙවෙල් කරල 93 ඒ ලෙවෙල් කරපු බැට්ච් එකේ... ඒ කියන්නෙ දැන් වයස විසිපහත් පැනල.. :D
අපි ඔක්කොම ලඟ ලඟ ම තමා මට පේන්නෙ... දුමී මගේ වයසමයි... දුකාත් අපි කිට්ටුවමයි....
සඳරු මලයටත් අපි හරිනම් පුතා කියන්න වටිනව... සඳරු ඉපදෙනකොට මම නමයෙ පන්තියෙ...
කෝ මේ බින්දි... මම අහන්න හිටියෙ අර ඕපන් යුනිවර්සිටියෙ කරක්ගැහුවෙ කොයිකාලෙද කියල... 94 ඉඳන් 99 විතර වෙනකම් මාත් ඕකට නිතර ආවගියා... ඒ කාලෙ අපේ වෙන්ට හාමිනේ ඕකෙ ඉගෙනගත්ත... මමත් LLB එකට ලියාපදිංචි වෙලා හිට්යෙ... ඒක කලේ නම් නෑ...
ගුල්ලට බොහොම ස්තූතියි, මේ ලස්සන කතාව පල කලාට. දැං බලාන්ට, රට්‍ටු කියන්නෙම අපේ කපටිකම් ගැන කතානෙ. කපුටගෙ කේජු කෑල්ලට කෙල හැලුවලු. ඔය කපුටා මහා පෙරේතයා. නැත්නම් අර ලස්සන කට හඬෙන් කියාපු සිංදුව ගැන වත් හිතලා කෑල්ලවත් දීල යන්න තිබ්බනෙ? එතකොට ගමරාළෙගෙ කුකුල් කොටුවට පැනලා බලු තඩියා පන්නපු කතාව. ඔය කුකුල් කොටුවට පැන්නෙ, කිකිලියෙක් හුරතලේට හදා ගන්නයි. කොහෙද අර අසම්හ්ජාති සුනඛයා කෑවනෙ වැඩේ. දිව්වෙ බයට එහෙම නෙවෙයි, ඔය බලු තඩියට බාගෙට පිස්සු, ඒකයි.
ReplyDelete-වලව්වෙ නරි මොටා -
// පාසැල් ළමුන්ට භාවිතයට සුදුසු බ්ලොග් එකක් ඊ-සඟරාවක් වගේ ඉරිදිපත් කරන්න පුළුවන් නම් //
ReplyDeleteඅනගි අදහසක්! සිංහල වියුණු සටහන් ලොවේ පුංචි ළමයින්ට සුදුසු අඩවියක් පටන් ගන්නවා නම් ඇත්තටම ඉතාමත වටිනවා. මොකද නුදුරු අනාගතයේදී ළමයින් දැනුම සොයා අන්තර්ජාලයට පමණක් පිවිසේවි. මේ වගේ අඩවියක් පටන් ගැනීම ඉතමත් හොඳ ආරම්භයක් වේවි. ජය වේවා!
මන් නැති ටිකට වයස ගැන කතා කරලා මෙයාල . හරි හරි ඉතින් අපි අක්කල තමයි. ඔව්ව ඉතින් හංගන්න දේවල්ය. හොඳ අදහස අපි අනික් බ්ලොග් වලට ලියන හොඳ පෝස්ට් [ළමයින්ට සුදුසු ] මේ අලුත් බ්ලොග් එකෙත් පල කලහම වැඩේ ලේසියි. අමුතුවෙන් ලියන්න මහන්සියකුත් නැහැ .ඊට අමතරව ලැබෙන විදිහට අලුතින් ලියන්නත් පුළුවන්. අපේ දිහාවේ පොත් කියවෙන වේගෙට මට ගොඩක් කතන්දර හෙම දෙන්න පුළුවන්. භාෂා දෙකෙන්ම ලියුවට කමක් නැහැ නේද . සිංහල ජනකතා හෙම ඉංග්‍රීසියෙන් වුනත් ලිව්වම ඒවා වැඩිය ප්‍රචලිත වෙනවා .
ReplyDeleteනමක් නම් ඉතින් හිතන්න වෙනවා . ඔය ඇඩ්මින් වැඩ ගැන දන්නා අසංක මලය වගේ කෙනෙක් මේක පටන් ගත්තොත් හොඳයි . කතා කරලා බලමු.
@ සපතේරු ..
ඔබතුමා එහෙනම් දන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මුණු පොතේ හෙම ඉන්නවද .
@ පොත් ගුල්ලා:මම දන්න කතාවෙ නරියෙක් නෑ... ගමරාළම තමයි මොළකරු...
ReplyDelete@සපතේරු උන්නැහේ: "ඒ කිව්වෙ 74 ඉපදිලා 80 හෝඩියට ගිහින් 90 ඕ ලෙවෙල් කරල 93 ඒ ලෙවෙල් කරපු බැට්ච් එකේ... ඒ කියන්නෙ දැන් වයස විසිපහත් පැනල.. :D"
ඇයි හත් දෙයියනේ... 2005 උ.පෙ. කරපු මටත් 25යිනෙ...
නරකද 25 පැනලා නොකියා 18 පැනලා කියලා කිව්වානම්..... :D
හික්ස්..... මරු කතාව හරී අක්කේ..... මාත් ඒත් ගණන් දාලා බැලුවා 74 ඉපදිලා 25 පැන්නා කිව්වම.
ReplyDeleteපොත් ගුල්ලා මාමේ සඳරුට පුතා කියනවනම් මම දුව හරිය....... හික්ස්......
@හා පැටික්කි
ReplyDeleteහෝව්. හෝව්. මම සඳරුට කියන්නෙ මල්ලි කියල. සපතේරු මාම තමා සඳරුට පුතා කියන්නෙ. අසංක ආසිරිටයි මං නං පුතා කියන්ඩ ඕනෙ කිව්වේ. ඌ තාම පැටියනේ. A/L කළා විතරයි. තව පහු වෙනකොට මල්ලි කිව්වැකි. සඳරුගේ වැඩ කිඩ දිහා බලන කොට හරිනන් කියන්ඩ ඕනෙ අයියෙ කියලනෙ. හා පටික්කිත් ඉතින් වැඩ කිඩ අතින් අක්ක කෙනෙක්ද, ඇන්ටි කෙනෙක්ද දන්නේ නෑ.
@ හා පැටික්කි (MS) :හා නංගියේ/අක්කියේ/ඇන්ටියේ මම කොහොමද බොලේ අක්කා වුනේ....
ReplyDelete@ පොත් ගුල්ලා, මූණු පොතට ගිහින් බලන්න, මම පණිවිඩයක් එවල ඇති,
ReplyDelete@ හා පැටික්කි නගෝ,, මට නම්කරන්න දෙයක් නැතෝ,,මම බ්ලොගයේ නම වාසගම හැටියට භාවිතා කරන බව කරුණාවෙන් සළකන්න හොඳේ, ඔය පැටළීමම මාරයා ටත් තව කිහිප දෙනෙකුට වී ඇත,,
@හරී - පිණිපළස :ඒකනෙ අක්කා... මගේ නම විතරයි තියෙන්නෙ අක්කගෙ ඉතින් අගට වාසගමත් තියෙනවනෙ.......
ReplyDeleteමමත් ඉතින් කලින් දැනන් හිටියෙ නෑ ඔය නමින්ම තවත් කෙනෙක් ඇති කියලා...
වාසගමත් එක්ක බැලුවම පැටලෙන එකක් නෑ මම හිතන්නෙ......
ළමා බ්ලොග් ගැන වූ උනන්දුව දැක බොහෝ සන්තෝස වූයෙමි. උදේ පටන් හයවරක් ආවත් සටහනක් තියන්න බැරි විය, දැනුත් සාකච්ඡාවක් අතරතුර ආපු ගමන්. වචන නැහැ... බොහෝමත්ම සන්තෝසයි ආරම්භක පියවර ගැන. පුංචිත්තා නම අගේය මහත්මයා. සුබ පැතුම්!
ReplyDeleteඅපෙන් ද පූර්ණ සහයෝගය.
එක්වී බබලවමු පුංචිත්තා
දිනවමු පුංචි තරු!
අනේ අපුච්චේ........ මට පරණ පුරුද්දට හරී දැක්කහම අක්කවමනේ මතක් උනේ. වාසගම් දාගත්තා කියලා මතකයැ අපිට පරණ එව්වා මිස. සමා වෙන්න හරී අයියේ...........
ReplyDeleteසුනිල් ජයවීර කියන්නෙ බොහොම හොඳ රසවත් ළමා පොත් ලිව්ව ලේඛකයෙක් .එතුමගේ පොත්වලට චිත්‍ර ඇන්දේත් එතුමා විසින්මයි කියල මගේ මතකය . කිඹුල් ගෙදර මනමාලි , පිංහාමි, මැටි ගෙදර ලමයි එහෙම කියවල ඇතිනේ ඔයාලා .
ReplyDeleteඇත්තම කිව්වොත් කවි ටික කියවගෙන යද්දී මට මතක්වුනේ කිඹුල් ගෙදර මනමාලී පොත .එකේ ගම මහගෙයි , ගම රාලයි හරි ලෝබයි . තල ,කුරහන්, හාල් ,පොල් එමට තිබුණත් හැමදාම කුරහන් රොටියි , ලුණු මිරිසුයි කන්නෙ .
අන්න අතන උඩහල්ලේ කුරහන් රොටියක් තියෙනවා
අප්පච්චිට ටිකක් තියල උඹ කාපන් අනික් ඒවා
ගම දෝණි කුරහන් රොටි කන්න එපා වෙලා දවසක් කන් කෙඳිරි ගාන ගමන් කියනවා "කිඹුලෙක් එක්ක හරි දීග යන්න තිබුණනම් මේ දුක ඉවරයි " කියලා . ඕක ඇහුණ එතනින් ගිය කිඹුලෙක් ගම දූ කසාද බැඳගන්න හිතලා මගුල් තුලා කතාකරගන්න ගමයගේ ගෙදර එනවා. ගම ගෙදර උන්දැලට දෙලෝ රත්වෙන්නෙ එතකොට . ඉතින් ගමයටයි මහගෙටයි ඔය කිඹුලගෙන් ගැලවෙන්න උදවුකරන්නෙ නරියෙක් තමයි . හරියට මේ කතාවේ වගේ
@TG
ReplyDeleteපොත් වල චිත්‍ර ඇන්දේ සුනිල් ජයවීර මහත්මයාම තමා. ඔය TG කියන කිඹුල් ගෙදර මනමාලි නං මං කියවල නැහැ. හැබැයි "උසට උසයි මනමාලී" නං කියවල තියෙනව. අර බින්දි පල කරපු වියට්නාම් ජන කතාවේ වගේ මේ කතාවෙත් අහස තියෙන්නේ බොහොම පාත. මනමාලි මිදුල අතුගාන්න ගිහින් ඉදල මිට ආකහේ වදින නිසා හරි රටාවකට අතුගාගන්න බැරි වෙනවා. නෑදෑයෝ ටික මේකට හිනා වෙනවා. මනමාලිට කේන්ති ගිහින් ඉදල අරගෙන අහසට තඩි බානව. ගෑනියෙක්ගෙන් ගුටි කන්ඩ වෙච්චි ලැජ්ජාවට අහස ඈතට ඈතට පලා යනවා. අපූරු කවි කිහිපෙකුත් මේ කතාවේ තිබුන.
"උස පුතාගේ මනමාලී
උසට උසයි මනමාලී
--------------------------
මිදුල කැතයි මනමාලී"
ඔච්චරයි මතක.
TG කියන අනෙක් පොත් දෙකත් මං කියවල නැහැ. ඒත් පින්හාමි සිනමාවට නැගුන නේද?
තව මා කියවූ එතුමාගේ පොතක් තමා "ඉස්සරහ බලන්නෝ". තවත් කේ. ජයතිලකයන් හා එක්වී ලියූ ළමා කෘතිය "පුංචි පුතා සහ පුංචි වළාකුල".
TGත් අපේ පුංචිත්තට එක්කහු වෙන්න. ළමයින් වෙනුවෙන් දන්නා දේ ලියමු.
@වලව්වේ නරි මොටා
ReplyDeleteඔන්න බොලේ නරි මෝටා මේ පැත්තෙ ඇවිල්ල. අපි නරිනට කැමති නිසා සාදරයෙන් පිළිගන්නව.
ඒකනෙ බලාන්ට.... හැමදාම නරින්ට අරියාදුව. අර දරු කමට හදාගන්න ගත්ත පොඩ්ඩිවත් මකරෙක් ඇවිත් උස්සන් ගියා නේද?
ඔය නරි මෝටා ගේ නරි මොලේ පාවිච්චි කොල්ල බැරිද ඔය රාහු අපල වලිනුත් ගැලවෙන කරමයක් කියන්ඩ.
පුංචිත්තට එකතුවෙන්න කල ආරාධනාවට ස්තුතියි .ඒත් අප්පා ඔවට මට ලියන්න පුලුවන්ද කියලා සැක සහිතයි . මම ඉතින් රස්සාව ඇරුණම අනික් හැම දේටම කම්මැලියනේ .අනික දැන් සෑහෙන්න කාලෙකින් නිර්මාණාත්මක දේවල් කියවනවා හොරයි .රාජකාරියට අදාල ටෙක්නිකල් දෙවල්නේ කියවන්නේ .ඒ නිසා ඕගොල්ලො ඒ වැඩේ කරන්නකො මම පුලුවන් නම් පස්සේ එක් වෙන්නම්
ReplyDelete@ පොත් ගුල්ලා -ආනේ... පරණ කමෙන්‍ටුව දැක්කෙ දැන්ද. ඔය ඔක්කම කතා බාලන්න ඉතින් පුලුවන් උනේ නාලිකා අසූ ගණනක් පේන මෙහේ රූපවාහිනෛයට පින්සිද්ධ වෙන්න තමයි. හරි අපූරු වැඩක්නෙ පටන් අරගන තියෙන්නෙ. ඔන්න මගෙනුත් පුන්චිත්තට උපරිම සහය.
ReplyDelete@හා පැටික්කි (MS) :ඕක මොකක්ද අනේ... සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමෙයි.. :)
ReplyDeleteඅපොයි පොත් ගුල්ලො, මං ඔයාව දැකල තියෙනව, අන්න මං මූණු පොතේ විස්තර කිව්වා, ගිහින් බලන්නකො මැසේජ් එකක් දාලා ඇති මම
ReplyDeleteනියමයි, නියමයි
ReplyDeleteයස වැඩේ හෙනහුරාට.. :D
@චතූ
ReplyDeleteමල්ලිත් අනාගතේදී සිය බුද්ධියෙන් හෙනහුරාට වැඩක් දෙන්න.
කමෙන්ටුවට ස්තුතියි.
විජය පත්තරේ කතා පොත් එකතු කලා මටත් මතකයි. බලාගෙන යනකොට අපි වැඩි දෙනෙක් සම වයසේ කට්ටියනේ. කවි ටිකනම් අපූරුයි. සුබපැතුම්!
ReplyDeleteචාන්දි සොහොයුරිය මේ පැත්තේ ඇවිත් තියෙන බව දැන්නේ දැක්කේ. බොහොම ස්තුතියි කමෙන්ටුවට.
ReplyDeleteමේ හෙනහුරාගේ කවි ටික මගේ බ්ලොග් අවකාසේ Turning Point එකක් වෙලා වගේ.
අම්බෝ මගේ අතින් ලොකු අතපසුවීමක් වෙලානේ. මම දැන්නේ දැක්කේ මේක.. අනේ සමාවෙන්ඩ ඕනේ එහෙනම් හැමෝටම. මේක ලියලා තියෙන්නේ 2011 සැප්තැම්බර් වලනේ. අද 2012 ජූලි. ඔය අළුතෙන් පටන් ගන්න හදපු බ්ලොග් එකද අර පුංචිත්තා කියලා තියෙන්නේ. අනේ එකේ කවුරු හරි ඉන්නවනම් මට ඉන්වීටේෂන් එකක් එවන්න. මම සම්බන්ධ වෙන්නම් ඒ බ්ලොග් එකටත්. අනික මම පොත් ගුල්ලා අයියව(මාමව) සම්බන්ධ කරගත්තනේ කවිමුතුමල්වලට. කෝ තාම මේ කවි පන්තිය දාලා නෑනේ. හරි මමම ටික දවසකින් මේ ටික මේ විදියටම පල කරන්නම්කෝ. මේක ඊට කලින් දැක්කොත් අනේ පොත්ගුල්ලා අයියේ අනිවා මේ කවි පල කරන්න කවිමුතුමල් වල
ReplyDeleteගමරාළ නරිරාළට තෑග්ගක් එහෙම දීලා නැද්ද :)
ReplyDeleteහැබෑටම ඒ ගැන කතාවක් නැහැ. ඒත් මේ කරපු උදව්වෙ හැටියට මාසෙකට එක කුකුළා ගානේ දෙන්ඩ වටිනව.
Delete