Thursday, July 7, 2011

සැඟවුණු රස මදිරා තුඩ ගාවා - පෙම් මකරන්දය මුලු අත නාවා

මකරන්දය කියන්නේ මල් රේණු පිසගෙන, මලේ සුවඳත් රැගෙන හමන මදනලට. මේක සාහිත්‍ය රස ජනනය කරන වචනයක්. සමහර අවස්ථා වල මල් රේණු පමණක් වුනත් මකරන්දය ලෙසට හඳුන්වනවා. මල් මකරන්දයට බඹරු ඇදෙනව. බඹරුන් නැතිව මල් වලට පවතින්න බැහැනේ. මොකද පරාගනය සිදුවෙන්නෙ නැතිව අලුත් ශාකයක් හටගන්නෙ නැති නිසා. සමහරවිට මී මැස්සෝ, දෙබරු වගේම නිකම්ම නිකන් මස්සොත් පරාගනයට උදව් කරනව. ඒත් සාහිත්‍ය රස ජනනය කරන මල් සමග යෙදෙන වචනෙ තමා බඹරු. 
මේ ලෝකෙ කාලයක් මල් තිබිලම නැහැ. මුලින්ම සපුෂ්ප ශාක, ඒ කියන්නෙ මල් හටගන්නා ශාක බිහිවෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන එකසිය පනහකට විතර ඉස්සර. ඒ ඩයිනසෝර්ල එහෙම හිටපු කාලෙ. දැනුත් අපුෂ්ප ශාක, ඒ කියන්නෙ මල් හට නොගන්න ශාක තියෙනවා. මීවන, පාසි, ලයිකන - තව මූදු පැළෑටි වගේ. ඉතින් මල් හට ගන්න ශාක බිහිවුනාට පස්සෙ ඒවත් සමග සහ සම්බන්ද වුනු සත්ව ජීවිත ඇති උනා. දෙගොල්ලන්ටම අනෙකා නැතුව පවතින්න බැරි තරමටම පරිණාමය උනා.


මුලින්ම මිනිස්සු ඒ කියන්නෙ හෝමෝ සේපියන් වරු බිහිවෙන්නෙ අප්‍රිකාවෙ. මීට අවුරුදු එක් ලක්ෂ තිස්දහසකට විතර කලින්. එතකොට ඉතින් ඔය මල් සහ බඹරුන්ගේ ලව් එක (අන්‍යෝන්‍ය සහ ජීවනය) පටන් අරගෙන හුඟක් කල්. කාලයක් යනකොට මිනිස්සු ස්වභාව සෞන්දර්යය අගය කරන්න පටන් ගත්ත. එතකොට කලාව බිහිවුනා. කලා කාමී හිත් මේ මල් වලත් බඹරුන්ගෙත් සම්බන්ධතාවය දැක්කේ එකිනෙකාට දක්වන ආදරයක් විදිහට.
මේක සිංහල කෙල්ලෙකුයි, දෙමළ කොල්ලෙකුයි ගැන කතාවක්. කෙල්ලට ඉන්නෙ වීනා ජයකොඩි. කොල්ල ගාමිණී ෆොන්සේකා. මේ දෙන්නට එක්කහුවෙන්න නම් ලැබුනෙ නැහැ. ජාති වෙනස හරහට හිටිය. ජාතිවාදී කෝලාහලයක් වෙලාවේ පස්සෙ දෙන්න හමුවෙනවා. ඒ වේලාවේ වීන තමා ගාමිණීව බේරගන්නෙ. (චිත්‍රපටියේ ඒ දෙන්නට කියපු නම් මතක නැහැ.) ඒත් පස්සෙ ගාමිණී ජාතිවාදීන්ට අහුවෙනවා. හරිම සංවේදී ලස්සන කතාවක්. අවාසනාවකට මාත් බලල තියෙන්නේ රූපවාහිනියෙන් විතරයි. 

මල් රොන් සොයාගෙන එන බඹරෙකු ගෙන් මලක් අහනවා කුමකටද ආවෙ කියල. එයා එක් මල් කැකුලියක් සොයනවා. නිකන්ම මලක් නෙමේ වන මල් කැකුලියක්. මොනවටද මේ වන මල් කැකුලිය සොයන්නේ කියල ඇහුවම බඹරා කියන්නෙ තමන්ගේ පෙම් පවස නිවා ගන්ට නම් මල් කැකුලිය සොයා ගතයුතු බවයි. ඉතින් මේ මල ඔය බඹර ගේ පෙම් පහස නිවා දෙන්ට ඉදිරිපත්වෙනව. මල ඇතුලේ හංගල තිබුණු රස මදිරාව තුඩින් උරා ගන්ට ඉඩ දෙනව. හැබැයි එහෙම රස මදිරාව දෙන අතරේ බඹර ගේ අත පුරාම මකරන්දය ගානව. මේ සන්සිද්දියත් එක්ක දෙන්නගෙ හදවත් එකිනෙකා වෙත බැඳෙනව. බඹර කුසුම් හදවත් යුග යා වෙනවා කියලයි කවියා කියන්නෙ. ඉතින් ඒ නිසා මල තමන්ගෙ රස මදිරාව මුළුමනින්ම බඹරට දෙනව. 

බඹරත් තමන්ට දුන්නු මේ මිහිරි රසය වෙනුවෙන් මලට කෘත ගුණ දක්වන්න පොරොන්දුවක් වෙනව. ඒ තමයි අර මකරන්දය තවත් මලකට ගිහිල්ල ගාන බවට වන පොරොන්දුව. ඒ වගේම මේ මකරන්දය රැගෙන ආවෙ කොතැනින්දැයි නොකියන්නත් එකඟ වෙනව. මලෙත් බඹරගෙත් ආදරය මල් පල ගන්නෙ එහෙම උනොත් විතරයි කියල බඹර දන්නවා. ඉතින් බඹරු නැති ලෝකෙ මල් නොපිපෙන බවත් මල් පල නැති ලොව නිරුදක කතරක් වන බවත් අපට වටහා දෙනව.
(නන්දා මාලිනි මහත්මියගේ රන් කෙන්දෙන් බැඳ සීඩී තැටියේ මේ ගීතය ගායනය කරන පිළිවෙල ටිකක් වෙනස් කරල. අපරාදේ. ඒ නිසා හරියට අරුත වටහාගන්න බැරි වෙනව. ඉහත සඳහන්කළ වෙබ් ලිපිනයේ තියෙන්නෙ මුල් ගීතය. )

29 comments:

  1. කොතනින්ද මන් දැන් පටන් ගන්නේ . මුලින්ම සුබ පැතුම් සයිබර් ආකාශයේ හුඟක් දුර පියාඹන්න .

    ....සාහිත ලොව අපට මග ඇරුණු

    එහෙත් ඔබ දියබුන් ගැසූ

    සොඳුරු ගංගා නිම්න වල

    අනගි මිණි කැට අපට ගෙන එන්න ..

    ...දැන් මන් කියන්නම් සරුංගලේ ගැන . කළු සුදු වුනත් මන් ගොඩක් රස විඳි ආයෙමත් බලන්න කැමති සරුංගලය ..

    කුල ප්‍රශ්නයක් නිසා තමන්ගේ සහෝදරියගේ ආදරයට අකුල් හෙලලා තමන්ගේ ආදරය ජාතිවාදය ඉස්සරහ බිඳ වැටිච්ච මිනිසෙක්. අදටත් වඩා ඒ කාලේ ඔය චිත්‍රපටය තදින් හිතට වැදුනා තිබ්බ වටපිටාවත් එක්ක . පස්සේ ඉතින් අලුත් අවුරුදු කතා වල පට්ට ගැහුව මාතෘකාවක්නේ . එව්වයේනම්'' සියල්ලෝ සතුටින් ජිවත් වුහ'' කියල ඉවර කරනවා .

    මටත් පෙන්න බැහැ පරණ ලස්සන ගී තාල වෙනස් කරනවට . මේ ගිය හරි ලස්සනයි . ස්තුතියි මේ පරණ මතක ඔස්සේ ටික දුරක් අරන් ගියාට .

    ඉස්සරහට තවත් ලස්සන මතක දිග හැරේවායි පතනවා .

    ReplyDelete
  2. remove word veryfication . It will be easy to comment.

    ReplyDelete
  3. බින්දිට බොහොම ස්තුතියි උදෙන්ම මකරන්ද සුවඳ විඳින්න ආවට. මන් බ්ලොග් කරණයට යොමු වුනේ ඔබේ නෙලුම් විල කියවීමෙන් ලැබූ වින්දනයෙන් පස්සෙයි. සිංහල බ්ලොග් කලාව හඳුන්වාදුන්නට හුඟක් පිං.
    සාහිත්‍ය රසයට කැමති හොඳ රසිකයෝ පිරිසක් බ්ලොග් කරණයේ යෙදෙන බව දැනගත්ත නිසා තමයි මෙහෙම ලියන්න හිතුවේ. ඔයාගේ ඉල්ලීම ඉදිරියේදී ඉෂ්ට කරන්න උත්සහ කරන්නම්. අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න. බොහොම අමාරුවෙන් settings වල බඩගාලා බඩගාලා word verification අයින් කලා. කියාදුන්නට පිං.

    ප.ලි. : දොස්තර නෝනා, බුරතීනෝ, සඳරු, පොඩි කුමාරිහාමි, බස්සෝ එහෙම මකරන්ද සුවඳ විදින්න එයි කියල බලාගෙන ඉන්නවා. මොකද ඒ ගොල්ලොත් හොඳ රසිකයොනේ.

    ReplyDelete
  4. ඉස්කෝලේ යන කාලේ නොකා නොබී පොත් කියෙව්වත්
    දැන්නම් ඉන්නේ සිංහල පොතක් ඇස ගැටන තැනක නෙමේ
    මමත් බින්දී ඇරපු දොරෙන් සිංහල බොල්ග් කියවන්න පටන් ගත්තම
    අර ළඟ පාත පොතක් දකින්නට නැති අඩුව සැහෙන්න පිරිමහුන
    ඔබ වගේ හුගක් පොත් පත් ඇසුරු කල කෙනෙක් එකතු වීම සතුටක්
    දිගටම ලියන්න කියවන්න බොහොම දෙනෙක් බලා ඉන්නවා

    ReplyDelete
  5. සමහර බ්ලොග් වල තියෙනවා සිඳී වල ඇඩ්. සිංහල බ්ලොගර්ස් යුනියන් එක නම් අලුත් අපිව ගන්නේ නැහැ . ඕන නම් උත්සහ කරලා බලන්න . ලාංකීය බ්ලොග් කියවනය ..හත් මාළුව දෙක එක දවසින් මගේ බ්ලොග් එක එක කර ගත්තා . ඒවාට ගිහින් බ්ලොග් එක ඇඩ් කරන්න . කියවන අය වැඩි වෙන තරමට ලියන්න දිරිය වැඩි වෙනවා . සතුටත් වැඩියි.

    ReplyDelete
  6. බ්ලොග් එකේ කියන්න අඩුවක් මට නම් පෙන්නේ නැහැ . සරලයි . පිළිවෙලයි. කියවන්න ලේසියි. මන් කැමති ඒ විදියට .හැකි තරම් අනිත් අයගේ බ්ලොග් කියවල කමෙන්ට් කරන්න හැකි විදියට . එහෙමයි මන් ගොඩක් යාළුවො හදා ගත්තේ . අපේ කෙල්ලෝ කියන්නේ මන් කව්රු හරි දැක්ක ගමන් කතාවට යනවලු. ඒ ගැන එයාල එච්චර සතුටු නැහැ . [දොඩම් ගෙඩි දෙකතුනයි උස . මුන් දෙන්න මට දැන් අවවාදත් දෙනවා ] ඔය නරක පුරුද්ද මට නම් තවම නරක වෙලා නැහැ. බ්ලොග් අවකාශයේදීත් කමෙන්ට් කියන්නේ සුහද කතා බහක් . දේශපාලන ලිපි නම් කියවල නිකම් ඉන්න එකයි මන් කරන්නේ . ඔව්වට දැන් හය්ය නැහැ මට නම් .

    ReplyDelete
  7. @ චන්දි,
    බොහොමත්ම ස්තුතියි කරපු අගය කිරීමටයි, දීපු දිරියටයි. අපි ඉස්සරහට හොඳ සාකච්චාවක් කරමු.

    @ බින්දි,
    අනේ උපදෙස් වලට ගොඩක් පිං.
    අර නන්දා මාලිනිගේ "රන් කෙන්දෙන් බැඳ" තැටියේ මේ ගීයෙ තාලෙ වෙනස් කරලා නම් නැහැ. ගයන අනු පිළිවෙල වෙනස් කරලා. අර මලයි, බඹරයි වෙන වෙනම කියන කොටස් පදයක් ඇර පදයක් මාරුවෙන් මාරුවට කියන විදියට දාල. ඉතින් අර අදහස එතකොට පැහැදිලි නැති වෙනව.

    ReplyDelete
  8. මුලින්ම සුබ පැතුම් ...! ඔබේ අලුත් බ්ලොග් එකට.... ( මමත් අලුත් )

    ඔබ ඉතා සියුම් විදිහට රස විඳින රසවතෙක් බව පේනව...සරුංගලේ කාලෙකට ඉස්සර බලපු ඉතාම තදින් සිතට වැදුන සිනමා පටයක්... ඔබ සඳහන් කල ගීතය වගේම .. අබේ නිරන්ජලා ගායනා කරන " ඉසුරු දෙවිඳු උමයන්ඟන සේ පෑහෙන්නයි" කියන ගීතයත් මේ සිනමා පටයෙ තිබුණ ඉතාම ජනප්‍රිය වුනු ගීතයක්...

    මට තාම මතකයි සිනම්ම පටයෙ අවසන් හරියෙ ( අවසාන ජවනිකාවදැයි මතක නැහැ ) ගාමිනී ෆොන්සේකා ( දෙමළ මිනිසෙක් ලෙස ) ගුටිකාල ඇවිත් කුඩා දරුව ලඟ වැටෙනව... (ඔහු කුඩා සිංහල දරුවාට ගෙනා සරුංගලය සිංහල දෙශප්‍රේමීන් විසින් කුඩු කරල දාල )මැරෙන්න වැටිල මෙහෙම කියනව..." පුතෝ.. මාම ෂරුංගල් ගෙනාව පුතෝ... ඒත් ඒව.. දූරට .. දූරට පාවෙලා ගියා පුතෝ..."

    ReplyDelete
  9. නියම වැඩක්..ජය වේවා ...... කියලා පතනව... :D

    ReplyDelete
  10. මේ ගීතය මගෙත් කැමති ගීත වලින් එකක්.
    හරිම අපූරු උපමාවක් එකේ තියෙන්නේ . .

    අහ් අලුත් බ්ලොග් එකට සහ දිගු බ්ලොග් ගමනකට සුභ පැතුම් . . .

    ජය වේවා ... . !

    ReplyDelete
  11. බින්දිගෙන් පාර අහගෙන ආවෙ, මකරන්දය විඳගන්නට. ඔයා මගේ බ්ලොග් එකට ඇවිත් තිබුණත්, ගිය සතියෙ ඉතාම අවිවේකී වුණු නිසා වැඩිය ජාලෙ සැරි සරන්නට බැරි වුණා.

    මගේ සුභ පැතුම් අලුත් බ්ලොග් එකට. වෙනස් වෙනස් ආරවල බ්ලොග් දකින්නට ලැබෙන එකත් සතුටක්. දිගු ගමනක් යන්නට ලැබේවායි පතනවා. එන අය පස්සෙ වැඩි වෙයි. මගෙ බ්ලොග් එකත් ළඟක් වෙනකම් මැස්සො ඇහිරි ඇහිරි තමා තිබ්බෙ. :D නමුත් පිරිස ගෙන්වා ගැනීමට අරුත් සුන් දේ පල කරනවාට වඩා, මේ අරඹා ඇති ගමන සුන්දරයි. මෙවැනි දේට ප්‍රිය කරන අය හොයාගෙන එයි පසුවට.
    මටත් තිබුණු ලොකු ප්‍රශ්නයක් මම ආස විදිහෙ බ්ලොග් දකින්න නැතිකම. දැන්නම්, සරත් ලංකාප්‍රිය, අකූ, බස්සා, බින්දිගෙ නෙළුම් විල, සපතේරු උන්නැහේ, හර්ෂණගෙ පාර දිගේ වගේ හුඟක් තැන් හඳුනගෙන තියෙනවා. මේවා හුඟක් දැනගත්තෙ මාරයගෙ, රංගගෙ ප්‍රචාරනය නිසා. ඒ වගේම, මම කැමති බ්ලොග්වල කමෙන්ට් දැම්ම අයගෙ ප්‍රොෆයිල්වලින් සොයා බැලීමෙන්. (මම ආස ඒවට ආසනම්, ඒගොල්ලොත් මම ආස දේවල් ලියනවා වෙන්න ඕනෙනෙ.) ඔයත් එහෙම තැන්වල කමෙන්ට් කරනවානම්, ඔයා ලියන ඒවට ආස අයට ඔයාව හොයාගන්නට පහසුවක් වෙයි.

    මම සරුංගලය චිත්‍රපටිය බලලා නැහැ. දැන් මේ පෝස්ට් එක කියෙව්වම බලන්න ආස හිතුණා. අර කිව්වත් වගේ පසුකාලීනව ජාතික සමගිය මාකට් කරපු තාලෙටනම් ඒක අප්පිරියා වෙලා හිටියෙ. ඒත් මේ චිත්‍රපටිය රසවත් ඇතැයි ඉවෙන් මෙන් හැඟෙනවා.
    සින්දුවනම් මම කියෙව්වෙ නෑ. (මම සින්දුවලට ටිකක් හොරයි. :D ) නමුත් ගීතය ගැන ඔබේ විස්තරය කියෙව්වා. (ඒකට මම උනන්දුයි. :D ) ලස්සන අදහසක් රැගත් ගීයක්.

    ජය වේවා.

    ReplyDelete
  12. @ සපතේරු උන්නැහේ,
    මෙහි පැමිණ කල දිරිගැන්වීමට බොහොම තුති. ඔබතුමා කිව්වැහේ ඒ අවසන් ජවනිකාව තමයි. එතන තව විමල් කුමාර ද කොස්තයි, ශ්‍රියානි අමරසෙනයි ඉන්නවා. කතාවේ හැටියට ඒ දෙන්නගේ ගෙවල් ළඟ තමා ගාමිණී නැවතිලා හිටියේ. හුඟක් සංවේදී ජවනිකාවක්.
    "ඉසුරු දෙවිඳු - උමයංගන..." ගීතයත් හදවතට දැණුනු ගීතයක්. ඒක ලිව්වේ සුනිල් ආරියරත්නයන් මයි.

    @මකුළු පැංචි,
    අනේ මේ පැත්තේ ආවට ගොඩක් පිං. බඹරුන්ට විතරක් නෙමේ මකුලුවන්ටත් මකරන්ද සුවඳ විඳින්ට පුළුවන්. දිරි ගැන්වීමට තුති.

    @දුකා,
    ඔබ වන් රසිකයන් මෙහි පැමිණීම ගෞරවයක් කොට සලකමි. දුන් දිරියට පිං.

    @නලිනි චන්දිමා,
    කව්රු නැතත් දොස්තර නොනයි, බින්දියි අනිවාර්යයෙන්ම මෙහෙ එන වග දැනගෙන හිටිය. ඒකයි බය නැතුව ලිව්වේ.
    ඔබ වැනි සේකර රසිකයෙක් සින්දු වලට ටිකක් හොරයි කියන එක අහන්නත් පුදුමයි. ගීතයේ අදහස ලස්සනයි කියල හිතෙනවා නම් ගීයත් අහලම බලන්න. Real Player තියෙනවා නම් මං ඉහත දුන් වෙබ් ලිපිනයෙන් අහන්න පුළුවන්.
    දිරි ගැන්වීමටත්, දුන් උපදෙස් වලටත් බොහොම පිං.
    ලියන දේ කියවන්න ඔබ වැනි අය ඉන්නවනම් ඒක ලියන්න හිතට දිරියක්.

    ReplyDelete
    Replies
    1. ඉසුරු දෙවිඳු උමයංගන ගීතය : තිලකරත්න කුරුවිට බණ්ඩාර

      reference:
      http://www.sarasaviya.lk/2012/08/30/?fn=sa12083022
      http://www.sarasaviya.lk/2012/07/12/?fn=sa12071215
      http://www.janakaranawaka.com/sinhala/?p=712

      Delete
    2. නිවැරදි කිරීම ගැන ඇනෝට බොහොම ස්තුතියි.
      එතකොට තමන් හදපු හොඳම චිත්‍රපටයට ගීත රචකයෙක් වන සුනිල් ආරියරත්නයන් කිසිම ගීතයක් ලියල නැහැ වගෙයි.

      Delete
  13. හදිසියේ ආවේ බ්ලොග් එකට. දිගු ගමනකට සුබ පතනවා. සින්ඩි ලංකා එකටත් දාන්න එයාලත් හොදයි

    ReplyDelete
  14. දුකා අයියා නිසා මෙහෙට එන්න පාර හොයා ගත්තෙ,, මමත් කැමතිම සිංදුවක්,,, දිගු ගමනක් යන්න සුභ පැතුම්!!!

    ReplyDelete
  15. අන්න හරි ඔය සින්දුවටත් වඩා මන් ආස ඉසුරු දෙවිඳු ගීයට. ඊයේ ඉඳන් කල්පනා කලේ මන් තව ආස සින්දුවක් තිබ්බ නේද කියල .

    ReplyDelete
  16. මේ මුළු පෝස්ට් එකම ලින්ක් එකක් ඒක පොඩ්ඩක් බලනවද? මේකට
    http://www.blogger.com/goog_331048848

    සුභ පැතුම් බ්ලොග් එකට!!!!

    ReplyDelete
  17. නෙළුම් විලේ ඉදල මකරන්ද සුවඳ විදින්න ඔන්න මමත් ආව. වැඩි වැඩියෙන් රස්වත් අදහස් අරගන එන්න හකිවේව කියල ප්‍රර්ථනා කරනව. බ්ලොග් ලෝකෙට මමත් පය තිබ්බෙ බොහොම ලගදි. රෝස කලේටත ගොඩවෙල යන්න එන්න,http://rosakalea.blogspot.com/

    ReplyDelete
  18. @All in one
    දිරි දීමට ස්තුතියි.මා වැනි අධුනිකයකුගේ බ්ලොග් අවකාශයට පැමිණීම බෙහෙවින් අගය කරමි.

    @හරි - පිණිපළස
    පාර හොයාගෙන අවට පිං. පාර කිව්වට දුකාටත් පිං.

    @ම
    සුභ පැතුමට ස්තුතියි. ඔබ කියා තිබෙන වෙබ් ලිපිනය ඔස්සේ ය නොහැකි බව පෙනේ.

    @රෝස කුමාරි
    මකරන්ද සුවඳ විඳින්ට ආවට හුඟක් ස්තුතියි. රෝස කැලේටත් අනිවාර්යයෙන් එනවා.

    ReplyDelete
  19. ලිපිය බැලුවාම තේරුණා බ්ලොග් එක අළුත් වුණාට පොත්ගුල්ලා ලිවීමේ කලාවේ දක්ෂයෙක් බව. අනෙක ඔබ හරි වාසනාවන්තයි, බ්ලොග් එකේ පළමු ලිපිය තුලින්ම මේ තරම් පාඨකයින් පිරිසක් එක් කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන්. ඔබගේ බ්ලොගය අනාගතයේ දී වඩ වඩාත් සාර්ථක එකක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මකරන්දය සමඟ මාත් දිගටම ඉන්නවා...

    ReplyDelete
  20. ඔන්න වලව්වේ හැම දෙනාගෙන්ම සුබ පැතුම්. මේ දවස්වල ටිකක් අවිවේකීයි. ඒත් ඉඩක් ලැබුනාම කියවන්ට කැමතියි. වලව්වේ බස්සාගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකෙන් තමා පාර හොයාගන ආවේ. ලියන විදියට පොඩ්ඩි නම් හිතාන උන්නේ බ්ලොග් ලියමින් සිටින කෙනෙක් කියලයි.

    දැන් ඉතින් මේකෙන් දෙන්න හදන පණිවිඩේ මොකක්ද? බඹරෙක් වන මලක පැනි උරලා, වෙනත් මලක වහලා මකරන්දය ගාලා ලස්සන මල් පිපෙන්න අරින එක හරි කියන එකද? සොබා දහමේ ක්‍රියාවලියක් හන්දා එකේ ප්‍රශ්නයක් නෑ කියන එකද? හැබෑ ජීවිතේට මේක අදාල කරගත්තොත් කියන්නේ 'සියල්ලොම සතුටින් ජීවත් වෙමු' කියන එකද?

    කතාව කියවන කොට ඔලුවට නැහුනු ප්‍රශ්න ගොඩයි.

    කොහොම උනත් ලස්සනට ලියලා තියනවා...:D

    ReplyDelete
  21. @චතුර විජේකෝන්
    මේ පැත්තේ ආවට ගොඩක් සන්තෝසයි. චතුර කියනවා වගේ මමත් හිතුවේ නෑ මෙච්චර බඹරු මකරන්ද සුවඳ හොයාන එයි කියල. යාළුවන්ට තමා ස්තුතිය. විශේෂයෙන් බින්දිට.
    ඔබ ප්‍රිය කරන ආකාරයේ ලිපි ලියන්ට මට හැකි වේ යයි මා බලාපොරොත්තු වෙනව. දිගටම ඇවිත් ගුණ දොස් කියන්න.

    ReplyDelete
  22. @පොඩි කුමාරිහාමි
    කුමාරිහාමිවත් මකරන්ද අඩවියට සාදරයෙන් පිලිගන්නවා. බස්සා එහෙනං පදිංචිය වලව්වෙද? මං හිතුවේ ගහක් උඩ චෙරිස් බෙරිස් කකා ඉන්නවා කියල. කොහොමටත් බස්සටත් ස්තුතියි, කුමාරිහාමිට පාර කිව්වට.

    කුමාරිහාමි ගේ ලිපි කියවූ නිසා දන්නවා පරමාදර්ශී ආදරයක් පිලිබඳ ලොකු බලාපොරොත්තුවක් තියෙන බව. අනේ ඒ උනාට මට නං එහෙම ඒවා තියෙන්නේ හීන වලයි, ටෙලි නාට්‍ය වලයි විතරයි. ඔය ලිපියෙන් මං පණිවුඩයක් දෙන්න නං බලාපොරොත්තු උනේ නැහැ. උවමනා කලේ, මං රසවින්ද ලස්සන ගීතයක් අනෙක් අයත් සමග බෙදා හදා ගැනීම. ඒත් කුමාරිහාමි අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් එපෑ.

    ඔය ගීතයෙන් කියන කතාව චිත්‍රපටයට සම්බන්ද කර ගත්තොත් වැඩේ ලේසි වෙයි මයෙ හිතේ. චිත්‍රපටයේ ඉන්න ද්‍රවිඩ තරුණයා ගෙයි, සිංහල තරුණියගෙයි ආදරය ඵල දරන්න ලැබුනෙ නෑනෙ. ඒත් ඒක තමා දෙන්නගෙම ප්‍රථම ප්‍රේමය. ඉන් ලැබූ ප්‍රහර්ෂය තමා ගීතයේ හඳුන්වන මකරන්දය. පසුව බඹරා තව මල් වෙත ගියත්, ඒ මල වෙත තව බඹරු ආවත් අර මුල් මකරන්ද සුවඳ දෙන්නටම අමතක වෙන්නෙ නැහැ. ඔය ඉතින් මට තේරෙන හැටි තමා. තව කෙනෙක් වෙනත් අර්ථයක් දැක්කොත් අනේ ඉතිං මම තරහ නෑ.

    ReplyDelete
  23. ඔන්න ඉතින් මමත් ආවා.. පොත් ගුල්ලා හරි අපූරු දේ ලියනවා නෙව.. සන්තෝසයි... තවත් පොත් පිස්සෙක්. සිනමාපිස්සෙක්. ගීත පිස්සෙක්.. ශා ශා.. හිතවතෙක් මුන ගෑහුනා එහෙනම් :-) සන්තෝසයි.... ඔන්න කියවන්න මාත් ඉන්නවා එහෙනම් :-) ජය වේවා..
    හෑමදාම මේ වගේම හොඳ දේ ලියන්න ....

    ReplyDelete
  24. @ජීවිතේ මල්
    එහෙනං කියාපු පාර දිගේ හොයාගෙන ආව නේද?
    අනේ සන්තෝසයි. ඔබත් හොඳ සිනමා ලෝලියෙක් නිසා අර සිනමා පට ගැන ඔබේ අදහස් දැනගන්නත් කැමතියි.

    ReplyDelete
  25. 01.
    සැඟවුණු රස මදිරා තුඩ ගාවා
    පෙම් මකරන්දය මුලු අත නාවා
    එතන මුළු අත නෙමෙයි මුළු වත වගෙයි මටනම් ඇහෙන්නේ.

    02.
    මම කොච්චර කැමති සින්දුවක් වුනත් මේ කොටස හරියටම තේරෙන්නේ නෑ.
    අන් මලකට මකරන්දය ගාවා
    ඔබෙන් ගෙනා බව මලට නොකීවා
    අප පෙම එමලින් මල් පල වේවා
    ලස්සන ලස්සන මල් සුපිපේවා

    මලක් පෙම්වතියටයි බඹරා පෙම්වතාටයි සමාන කරනවානම් පෙම්වතියක් කීයටවත් ඉඩ දෙයිද අන් මලකට මකරන්දය ගාවන්න??? එහෙමනම් කතාවේ පෙම්වතාගේ අනියම් පෙම්වති මේ මල වෙන්න ඕනේ. අන් මල wife වෙන්න ඕනේ. එත් එතකොට කොහොමද අප පෙම එමලින් මල් පල වෙන්නේ? මම ෆිල්ම් එක බලල නැති නිසා තේරෙන්නේ නෑ වෙන්න ඇති. පුලුවන්නම් තව ටිකක් විස්තර කරලා දෙන්න

    ReplyDelete
    Replies
    1. මුලින්ම නිශ් ව මකරන්දයට සාදරයෙන් පිලිගන්නවා.
      සමහරවිට ඔබ හරි ඇති. මම දැන් සින්දු දෙකම(පැරණි චිත්‍රපට ගීය සහ නව CD තැටියේ එන ගීය) නැවත නැවත අහල බැලුව. මටත් හැටියටම කියන්න බැහැ අත ද, වත ද කියල. ගාමිණී ෆොන්සේකා මහත්මා ඇත්තටම ලිව්වේ මොකද්ද දන්නේ නැහැ. ඒත් මෙහෙම පැහැදිළි කිරීමක් කරන්න පුළුවන්.
      මී මැස්සා රොන් ගන්න විට මල් රේණු එයාගේ, මුඛ උපාංග වල, ඉදිරි ගාත්‍රා වල වගේම මුහුණෙත් ගෑවෙනවා. ඒත් ඒගොල්ලෝ ඉදිරි ගාත්‍රා වලින් මූණ අතපය පිහදමල දකුණු පසු පාදයේ ඇති රේණු මල්ලකට (Pollen Basket) එකතු කරගන්නවා. ඒ අදහසින් ගත්තොත් ගාත්‍රයක් රේණු වලින් වැසෙන කියන අර්ථයෙන්, 'පෙම් මකරන්දය මුළු අත නාවා' යන අදහස ගන්න පුළුවන්. කොහොම නමුත් ඔබ කියන ආකාරයට වෙන්නත් පුළුවන්.


      Pollen Basket - Wikipedia Link
      http://en.wikipedia.org/wiki/Pollen_basket

      Delete
    2. Thank you.
      මගේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැද්ද?

      Delete