“something started in my soul,
fever or forgotten wings,
and I made my own way,
deciphering
that fire
and wrote the first faint line,
faint without substance, pure
nonsense,
pure wisdom,
of someone who knows nothing,
and suddenly I saw
the heavens
unfastened
and open.”
fever or forgotten wings,
and I made my own way,
deciphering
that fire
and wrote the first faint line,
faint without substance, pure
nonsense,
pure wisdom,
of someone who knows nothing,
and suddenly I saw
the heavens
unfastened
and open.”
From "Poetry", Memorial de isla negra (1964).
Trans. Alastair Reid
Trans. Alastair Reid
කවිය
මා ජීවය තුල යමක් දැල්වෙන්නට විය,
එක්කෝ උණක්, නැත්නම් අමතක වැ ගිය පියාපත් යුවලක්.
ඉඳින් මම මගේම මගක් සකසා ගතිමි,
වටහා ගනිමින්
ඒ ගින්න.
ලිවීමි, යාන්තමට ප්‍රථම පද පෙළ
අරුතක් නැතිව දුබලව
අමු විලම්බීත
මෙලෝ හසරක් නොදන්නකු ගේ
පිවිතුරු බුද්ධියෙන්.
එවිට එක්වරම දිටිමි, මම
දෙව්ලොව,
දොරගුළු ලිහී
විවරව.
චිලී ජාතික ගායක වික්ටර් හාරා විසින් නෙරුඩා ගේ කවියක් ගීයට නැගූ අවස්ථාවක්.
චිලී ජාතික ගායක වික්ටර් හාරා විසින් නෙරුඩා ගේ කවියක් ගීයට නැගූ අවස්ථාවක්.
පැබ්ලෝ නෙරුඩා (1904 - 1973)
ReplyDeleteචිලී දේශයේ ජාතික කවියා ය. 13 වැනි වියේදීම පද්‍ය රචනය ඇරඹු නෙරුඩා අධි තාත්වික වාදය ඇතුළු රීතීන් රැසකින්ම කවි ලියූ අතර ඓතිහාසික මහා කාව්‍ය, ප්‍රකට දේශපාලනික කාව්‍ය මෙන්ම ශෘංගාරාත්මක කාව්‍ය රචනා කළේය. සිය දේශපාලන දර්ශනය ලෙස කොමියුනිස්ට් වාදය පිළිගත් නෙරුඩා මිය යන තෙක්ම වාමාංශික අදහස් දැරී ය. 1971 දී ඔහු නොබොල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද අතර කොලොම්බියානු ජාතික ගත් කතුවර 'ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස්' විසින් 20 වන සියවසේ බිහිවූ විශිෂ්ටතම කවියා ලෙස හඳුන්වමින් ඔහුට ගෞරව දැක්වී ය.
මේ පෝස්ටුව දැක්කාම ඇතිවුන සතුට!
ReplyDeleteසටහනක් ලියන්න පසුව එන්නම්.
හපොයි දැක්ක කල්.. :)
ReplyDeleteකාලෙකට පස්සෙ. :D
ReplyDeleteශාස්ත්‍රීය ලෝකයෙ මේ කවිපෙලට දෙන අරුත මොකක්ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මට හැඟෙන්නෙ, බාහිරින් ඔලුවට පුරවා ලූ "දැනුම" පසෙක ලා, තමන්ගෙ අභ්‍යන්තරය වටහා ගැනීමෙන් දෙව්ලොව දොරටු විවර කරගත හැකි බවක්. "තමන් සෙවීම".
ස්තුතියි පොත්ගුල්ලා.
අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ !
ReplyDeleteමාත් ඉංග්‍රිසි සාහිත්‍යට ෆැබ්ලෝ නෙරුඩාගේ කවි ඉගෙන ගෙන තියෙනවා.
කවියත් රස වින්දා.. වඩා කැමති පොත්ගුල්ලා ආපහු ආ එකට...
ReplyDeleteමෙලෝ හසරක් නොදන්නකු ගේ
ReplyDeleteපිවිතුරු බුද්ධියෙන්.
....මන් කැමතිම කොටස .
බොහොම සතුටුයි නැවත ආ එකට .
නැවත මා සාදරයෙන් පිළිගැනීම පිළිඹඳව මිතුරන් සැමටම තුති. බොහෝ මිතුරන් දිගින් දිගටම කියද්දීත් මුකුත් නොලීම ගැන මුලින්ම සමාව ඉල්ලා සිටිනවා. මිතුරන් ගේ දැඩි ඉල්ලීමට පසුගිය දෙසැම්බරයේ ලියන්න පටන්ගත් ලිපිය තවම අවසන් කරගන්න බැරි උනා. හිතට අවංකව දැනෙන්නේ නැතුව ලියා ගන්න බැහැ. මේක හදිසියෙමයි ලියවුනේ. ඒ මෙහෙමයි.
ReplyDeleteදැන් මම ගුරුවරයෙක් බව බොහෝ මිතුරන් දන්නවනේ. ඉතින් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පොතේ පැබ්ලෝ නෙරුඩා ගේ ගද්‍ය කොටසක් ඉගැන්වීමට තියෙනවා. ඒ සඳහා ඔහු ගැන විස්තර හොයද්දීයි මේ කවිය හමුවුනේ, විකි පීඩියා එකේ. ළමයින්ට කියා දෙන්න අවශ්‍යතාවයටයි එය පරිවර්තනය කලේ. හදිසියේම මතක් උනා මේ කවිය බ්ලොග් පෝස්ට් එකක් ලෙස දාල පැබ්ලෝ නෙරුඩා ගැනත් සිහි කලොත් හොඳයි කියල. ඉතින් එහෙම කළා.
ඉතින් මිතුරන් මා නැවත පිළිගැනීම ගැන යලිත් ස්තුතියි. ඔබ සැමගේ වෙබ් අඩවි පැත්තෙත් ඉක්මනින්ම එන්නම්.
පොත් ගුල්ලා දැකීම සතුටක්.
ReplyDeleteනෙරුඩා 1927 - 1931 කාලය ජීවත් වෙලා තියෙන්නෙ ලංකාවෙ. ඒ කාලය ඇතුලත ඔහු පොතකුත් ලියා තිබෙනවා. "ජීවත්වන තැන ලෝකය " නමින් එය ආචාර්ය පියසිරි කරුණාතිලක විසින් කලකට ඉස්සර දිවයින ඉරිදා සංග්‍රහයට පරිවර්තනය කෙරුවලු. අවාසනාවකට මට නම් ඒවා කියවන්න ලැබුණෙ නැහැ.
ඔය එන්නේ වැඩි විස්තර.
Deleteහරී නංගී මේ පැත්තේ ආ එක ගැන මුලින්ම බොහොම ස්තුතියි.
මමත් පැබ්ලෝ නෙරුඩා ලංකාවේ කාලයක් හිටිය බව දැනගත්තේ අර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පොතෙන්. ඒ ලිපියේ හැටියට එයා නතර වෙලා ඉඳල තියෙන්නේ වැල්ලවත්තේ. ඒ කාලේ කොළඹ ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය සුද්දන්ගේ ජීවන රටාව නෙරුඩා ට අල්ලල නැහැ. ඒ නිසා හුදකලාවමයි ඉඳල තියෙන්නේ. තනියට ඉඳල තියෙන්නේ බල්ලෙකුයි, මුගටියෙකුයි. ඔහුගේ ජීවිතේ, තනිකම වඩාත් තදින් දැනුණු කාලය ලෙසයි ඔහු ඒ කාල සීමාව හඳුන්වන්නේ.
දිවයින පත්තරේ ගිය ලිපි පෙළ නං මගේ ඇස ගැටුනෙත් නැහැ.
චිලී හමුදා රජය නෙරූඩාව මරා දැමුවලු නේද? :'(
Deleteසැල්වදෝර් අලෙන්දේ ගෙන් රජය පැහැරගත් පිනෝෂේ ගේ හමුදාව සමාජවාදී නායක සැල්වදෝර් අලෙන්දේ ව මරා දැමූ බව මිසක් පැබ්ලෝ නෙරුඩා ව මරා දැමූ බව නං අහල නැහැ. විකියේ හැටියටත් නෙරුඩා හෘදයාබාධයකිනුයි මිය යන්නේ. ඔහු මියෙන විට බලයේ හිටි ඔගස්ටෝ පිනෝෂේ ඔහුගේ අවමගුලට මිනිසුන්ගේ සහභාගිත්වය වලක්වන්ට අඳුරු නීතිය පනවනවා. නමුත් අඳුරු නීති අණ නොතකා මිනිසුන් දහස් ගණනින් ඔහුගේ අවමගුලට සහභාගී වෙනවා.
Deleteමරලා දැම්මෙ 'වික්ටර් හාරා' ව, නෙරූඩා නෙවෙයි..
Deleteබුරා හරි. මෙන්න විකියට යන පාර.
Deletehttp://en.wikipedia.org/wiki/V%C3%ADctor_Jara
අපිම ඉන්න ඕනෙ ඕව මතක් කරන්න :D
Deleteමතක් කිරීම ගැන හරී නංගිට ස්තුතියි!
Deleteබුරතීනෝ සොහොයුරා "වික්ටර් හාරා" මතක් කිරීම නිසා අන්තර් ජාලයේ තව ටිකක් සරි සැරීම තුලින් වික්ටර් හාරා විසින් පැබ්ලෝ නෙරුඩා ගේ කවියක් ගීයට නගා ගයන අවස්ථාවක් හමුවුනා. සහෘද මිතුරන් ගේ රසවින්දනය සඳහා මම ඒ වීඩියෝ පටයත් පෝස්ට් එකට එකතු කළා.
ReplyDeleteරාජකාරිය වෙනුවෙන් වුනත් සයිබර් (කැල )ය පීරලා වටිනා පදපෙලක් මතු කිරීම ගැන බොහෝම සන්තෝසයි. නෙරුඩාගේ කවි බොහෝ දුර අරන් යනවා. ඔබේ පරිවර්තනයේ පද යෙදුම ඊටත් වඩා දුරක් අරන් ගියා, උපරිමයි සොයුරා.
ReplyDeleteනෙරුඩාගේ නිර්මාණයන් කිහිපයක් සිංහලට පරිවර්තනය කරා රසික වික්‍රමනායක සහෘදයා.
රසික සොයුරාගේ බ්ලොග් අඩවිය //මගේ සිත් ඉම//
http://archirasika.blogspot.com/
නෙරුඩා ගැන විස්තර බොහෝමයක් මතුකර ඔබේ පොස්ටුවට, එය විස්තර එකතු කර තවත් හරවත් කර හැමටත් බොහෝම ස්තුතියි.
ReplyDeleteඩීන් සොහොයුරා පෙන්වා දුන් සබැඳිය ඔස්සේ ගොස් රසික විසින් පරිවර්තිත නෙරුඩා ගේ කවි දෙකක් කියෙව්වා.
ReplyDeleteඒ වගේම නෙරුඩා ගේ කවි ඉංග්‍රීසි බසින් පලවී ඇති සබැඳියකුත් හොයා ගත්ත. මෙන්න ඒක;
http://www.poemhunter.com/pablo-neruda/poems/
හැමදාමත් මෙන් අප දිරිමත් කිරීම ගැන ඩීන් සොහොයුරාට තුති.
කළකට පස්සේ
ReplyDeleteවෙලකට බැස්සේ
කලකට පස්සේ වෙලකට බැස්ස වෙලේ ඔබා මහත්තයත් වෙලට ආපු එක ගැන ස්තුතියි.
Deleteඅම්මප මං හිතුවේ බ්ලොග් ලිවිල්ල අත ඇරල කියල.... අර කලින් වගේ සිනමා සීරිස් එකක් පුළුවන් නම් ආයෙම අරන් එන්න. ජය....
ReplyDeleteඋදාර මේ පැත්තේ ආපු බව දැක්කේ පමා වෙලා. හිතට අවංක නොවී ලියන්න බැරි කමයි, අවිවේකී බවයි දෙකම නිසා තමා පහුගිය කාලේ මුකුත් නොලිව්වේ. චිත්‍රපට ගැන යළිත් ලියන්න අදහසක් තියෙනවා. එහෙම ලියද්දි වැඩිපුර මහන්සි වෙන්න ඕනෙ නිසා ටිකක් කාලය අවශ්‍යයි. ඉස්සරහට බලමුකෝ.
Delete