Friday, August 19, 2011

තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි - අපේ ගමන් මග විහිදෙන්නේ ..... ඒ කෙටි මාවත සැරි සරනා අප - මොන සිනමා පට නරඹන්නේ


රූපය සහ ශබ්ධය, පසිඳුරන්ගෙන්  ග්‍රහණය කරන වැදගත්ම විඳීම් දෙකක්. සිනමා පටයක් රසවින්දින්ට නම් අත්‍යවශ්‍යම අංග දෙක. ඒ වැදගත් කම සලකල තමා සිනමාවටම වෙන්වුණු Sight & Sound සඟරාව බිහිවෙන්නෙ, 1932 වර්ෂයේ. 1934 දී මේ සඟරාව පල කිරීම බ්‍රිතාන්‍ය සිනමා ආයතනයට (British Film Institute) පැවරෙනව. එතැන් සිට අද දක්වාම ඔවුන් මේ සඟරාව පවත්වාගෙන යනව. 

ලෝක සිනමාව වෙනුවෙන් Sight & Sound සඟරාව දක්වන දායකත්වය අමිලයි. ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘති රසිකයන්ට හඳුන්වාදීම ඒ අතරින් සුවිශේෂයි. ඒ සඳහා විවිධ නාමාවලි සැකසීම ඔවුන් සිදු කරනවා. මින් පෙර ලිපියේ (සිනමා ලෝලීන්ටයි.... බයිසිකල් හොරු - අතුරු කතාවක්) අපි කතා කලේ ළමයින් සඳහා සැකසූ එවැනි එක් නාමාවලියක් (BFI list of the 50 films you should see by the age of 14) ගැන. ඒ ලිපියට අපේ සහෘදයන් දක්වපු යහපත් ප්‍රතිචාරය මේ ලිපිය ඉක්මනින්ම ඉදිරිපත් කරන්න මා පෙළඹෙව්වා. (විශේෂයෙන් නලිනි වෛද්‍ය තුමිය මැරෙන්න කලින් බලන්න ඕනේ චිත්‍රපට ලැයිස්තුවක් ගැන ඇහුව වෙලේ අනෙක් සහෘදයනුත් ඒ පිළිබඳව දැක්වූ උනන්දුව.)


සෑම දශකයකට වරක්ම Sight & Sound සඟරාව ජාත්‍යන්තර චිත්‍රපට විශාරදයන් සමූහයක් ලවා ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට දහය තේරීම සිදුකරනව. මේ තේරීම මුලින්ම සිදු කලේ 1952 වසරේ. ඒ පළමු නාමාවලිය මෙසේයි.


Critics' Top 10 Poll 

1952

01. Bicycle Thieves (25 mentions)
02. City Lights (19 mentions)
02. The Gold Rush (19 mentions)
04. The Battleship Potemkin (16 mentions)
05. Intolerance (12 mentions)
05. Louisiana Story (12 mentions)
07. Greed (11 mentions)
07. Le Jour se leve (11 mentions)
07. The Passion of Joan of Arc (11 mentions)
10. Brief Encounter (10 mentions)
10. La Règle du jeu (The Rules of the Game) (10 mentions)
10. Le Million (10 mentions)
Closest runners-up: Citizen KaneLa Grande Illusion, and The Grapes of Wrath (9 mentions apiece)
ඒ අවස්ථාවේ පළමු තැන ලැබෙන්නේ ඉතාලි ජාතික විටෝරියෝ ඩි සිකා ගේ "බයිසිකල් හොරු" සිනමා පටයට. (අපි මේ ගැන කතා කලා සහෘදයන්ට මතක ඇති. වැඩි විස්තර සඳහා මෙතනින් බලන්න).

දෙවෙනි තැන චාලි චැප්ලින් විසින් නිර්මාණය කල චිත්‍රපට දෙකකට. 
එකක් 1931 වසරේ නිර්මාණය කල City Lights.

අනෙක 1925 දී නිර්මාණය වූ The Gold Rush
දෙකම නිහඬ සිනමා පට.
මේ ලැයිස්තුවට ඇතුලත් The Battleship Potemkin, Intolerance, Greed සහ The Passion of Joan of Arc යන කෘතිද නිහඬ සිනමා පට. 

1962 දී ඉදිරිපත්කල Top Ten ලැයිස්තුව;


01. Citizen Kane (22 mentions)
02. L'avventura (20 mentions)
03. La Règle du jeu (The Rules of the Game) (19 mentions)
04. Greed (17 mentions)
04. Ugetsu Monogatari (17 mentions)
06. The Battleship Potemkin (16 mentions)
07. Bicycle Thieves (16 mentions)
07. Ivan the Terrible (16 mentions)
09. La terra trema (14 mentions)
10. L'Atalante (13 mentions)
Closest runners-up: Hiroshima Mon AmourPather Panchali and Zero de Conduite (11 mentions apiece)
 
මේ  අවස්ථාවේදී බයිසිකල් හොරු හත් වෙනි තැනට ගිහින් කලින් ලයිස්තුවේ ඇතුලත් නොවූ ඇමරිකානු ජාතික Orson Welles විසින් අධ්‍යක්ෂණය කල Citizen Kane සිනමා පටය ඉදිරියටම එනවා.

ඒ වගේම ප්‍රථම වතාවට ලොව හොඳම සිනමා කෘති දහය අතරට ආසියාතික චිත්‍රපටයක් එක් වෙනවා. ඒ තමා "කෙන්ජි මිසොගුචි" විසින් අධ්‍යක්ෂණය කල "උගෙත්සු මොනොගොතරි" නම් ජපන් සිනමා පටය.


Ugetsu Monogatari - 1953
මෙහි තිර පිටපත "හොල්මන් කතා වස්තුව" නමින් මහාචාර්ය ආරිය රාජකරුණා සිංහලට නගල තියෙනව. 


 ඊළඟ Top Ten නාමාවලිය 1972 දී ඉදිරිපත් වෙනව.



01. Citizen Kane (32 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (28 mentions)
03. The Battleship Potemkin (16 mentions)
04.  (15 mentions)
05. L'avventura (12 mentions)
05. Persona (12 mentions)
07. The Passion of Joan of Arc (11 mentions)
08. The General (10 mentions)
08. The Magnificent Ambersons (10 mentions)
10. Ugetsu Monogatari (9 mentions)
10. Wild Strawberries (9 mentions)
Closest runners-up: The Gold RushHiroshima mon AmourIkiruIvan the TerriblePierrot le Fou, and Vertigo (8 mentions apiece)


සිටිසන් කේන් චිත්‍රපටය නැවත පළමුවැනි තැන ලබන අතර මේ ලැයිස්තුවට ආසියාතික සිනමාපට කිසිවක් ඇතුලත් වෙන්නේ නෑ. බයිසිකල් හොරු හොඳම දහයෙන් ඉවත් වෙලා ලෝක ප්‍රකට ස්වීඩන් ජාතික සිනමා අධ්‍යක්ෂක Ingmar Bergmanගේ සිනමා පට දෙකක් එක්වෙව.
PERSONA - 1966



බර්ග්මාන් චිත්‍රපට Sight & Sound, Top Ten  නාමාවලියට ඇතුලත් වන ප්‍රථම සහ එකම අවස්ථාව මෙයයි.

1982

01. Citizen Kane (45 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (31 mentions)
03. Seven Samurai (15 mentions)
04. Singin' in the Rain (15 mentions)
05.  (14 mentions)
06. The Battleship Potemkin (13 mentions)
07. L'avventura (12 mentions)
07. The Magnificent Ambersons (12 mentions)
07. Vertigo (12 mentions)
10. The General (11 mentions)
10. The Searchers (11 mentions)
Closest runners-up: 2001: A Space Odyssey and Andrei Rublev (10 mentions apiece)


Citizen Kane තව දුරටත් පළමුවෙනි තැන රැඳී සිටින අතර මෙවර යලිත් වරක් ආසියාතික චිත්‍රපටයක් මුල් දහය අතරට එනවා. ඒ තමා අකිර කුරොසාවා ගේ Seven Samurai චිත්‍රපටය.




1992
01. Citizen Kane (43 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (32 mentions)
03. Tokyo Story (22 mentions)
04. Vertigo (18 mentions)
05. The Searchers (17 mentions)
06. L'Atalante (15 mentions)
06. The Passion of Joan of Arc (15 mentions)
06. Pather Panchali (15 mentions)
06. The Battleship Potemkin (15 mentions)
10. 2001: A Space Odyssey (14 mentions)
Closest runners-up: Bicycle Thieves and Singin' in the Rain (10 mentions apiece)


මෙවර ප්‍රථම වතාවට ඉන්දියානු සිනමා පටයක් ලොව හොඳම චිත්‍රපට දහය අතරට නම් කෙරෙනවා. සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි.
Pather Panchaali - 1955
Sight & Sound නවතම Top Ten නාමාවලිය ඉදිරිපත් වෙන්නේ 2002 දී. මෙතන ඉඩ මදි නිසා ඒ නාමාවලිය ගැන අපි වෙනම පොස්ට් එකකින් කතාකරමු. Citizen Kane තව දුරටත් පළමුවෙනි තැන රැඳී සිටීවිදැයි අපි එහිදී සොයා බලමු. 

20 comments:

  1. ගොඩක් වටින ලිපියක් මිත්‍රයා..
    ස්තුතියි මේ වගේ ලිපියක් දැම්මට..
    දිගටම ලියන්න සුභ පතනවා..
    ජය..!

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි මේ අගනා විස්තර බෙදලා දෙනවට. කලින් පොස්ට් එක කියෙව්වා පසුව කොමන්ට් කරන්න හිටියා, අතපසු වුනා. මේ දිනවල රමදාන් උපවාස කාලය නිසා කඩින් කඩ දිවීමක් කරන්නේ.

    සිකුරාදා (අගෝ 19) උදෙන්ම ඉඳිගස් තීරුවට ගියේ ගහේම ඉඳෙන ඉඳි වල පින්තූර කිහිපයක් ගන්න, ඒ පොස්ට් එකේ ඔබේ විමසුමට කර විස්තරයට අදාල පින්තූර කිහිපයක් අරන් බෙදාගන්න අදහසින්. අවාසනාවට ගස් බොහෝමයක්ම සුද්ද කරලා පලදාව කපාගෙන ගිහින්, ඒත් ගස් කිහිපයක් ඉතිරිව තිබුනා අපිටම වෙන්කර තිබ්බා වගේ. ඉන් ෆොටෝ එකක් ගල්මල් අඩවියේ අලුත්ම පොස්ට් එකේ තියෙන්නේ.

    ReplyDelete
  3. දුකේ බැහැ පාතර් පංචාලි විතරයි බලල තියෙන්නේ . අපි අතර ගැවසෙන මිනිසුන් ගැන අපි දන්නේ කොතරම් අල්පයක්දැයි මේ ලිපි කියවද්දී මට හිතෙනවා . ඔබ මෙතරම් සිනමා ලෝලියෙක් බව මම දන හිටියේ නැහැ . ස්තුතියි මේ විස්තර වලට . 2002 ලිස්ට් එකත් දාන්න . ඒකෙන්වත් කීපයක් බලල තියේද දැනගන්න .

    ReplyDelete
  4. @Blog බඩී
    ලිපිය පිලිබඳ කරපු අගය කිරීමට බොහොම ස්තුතියි. ඔබත් සිනමාව ගැන උනන්දුවක් ඇති අයකු බව පේනවා. ඉදිරියට තව කතා කරමු.

    ReplyDelete
  5. @ගල් මල්
    ඩීන් සහෝදරයා අධික වැඩ තියෙද්දීත් මෙහි පැමිණිලා අප දිරිමත් කරන්න අදහසක් දක්වපු එක ගැන බොහොම ස්තුතියි.
    ඉඳි ගස් ගැන කතාව හරිම චමත්කාරයි.

    @බින්දි
    අනේ මමත් ඔය සිනමා පට වලට ආස උනාට ඔක්කොම බලල නැහැ. ඔතනින් මම දැනට නරඹල තියෙන්නේ මෙන්න මේවයි.
    Bicycle Thieves / City Lights / The Gold Rush
    The Battleship Potemkin / Citizen Cane
    Seven Samurai / Pather Panchali
    2001: A Space Odyssey

    මට මතකයි වරක් ලංකාවේ බර්ග්මාන් සිනමා උළෙලක් පැවැත්වුවා, තිස්ස අබේසේකරයන්ගේ මෙහෙයවීමෙන්. ඒත් ඒ දවස්වල අපි ඉස්කෝලේ යනවා. ඒක නිසා ඒ වගේ සිනමා පට බලන්න අවසරයක් ලැබුනේ නැහැ. පසු කාලීනව කොළඹ පැවති ජාත්‍යන්තර සිනමා උත්සව නම් බොහොමයකට සහභාගී උනා. ඒත් තිස්ස අබේසේකරයන්ගේ අභාවයෙන් පසු එවැනි ජාත්‍යන්තර සිනමා උත්සව බොහෝ දුරට නැති ගානයි. රුපවාහිනියේත් ඉස්සර සිනමා විචාරක ගාමිණි වේරගම මහතාගේ මැදිහත්වීමෙන් උසස් සිනමා කෘති ප්‍රදර්ශනය කලා. City Lights, The Gold Rush, The Battleship Potemkin, Pather Panchali යන චිත්‍රපට මං නැරඹුවේ රූපවාහිනියෙන්. ඒවත් දැන් කෙරෙන්නේ නෑ. බාල ටෙලි නාට්‍ය මිසක්. දැන් ඉතින් බොහෝ විට කරන්නේ අන්තර් ජාලය ඔස්සේ හොඳ චිත්‍රපට හඳුනාගෙන ඒවා බාගෙන බලන එක.

    ReplyDelete
  6. කලින් වතාවක් ඇවිත් ගියෙ, මොනව කියන්නද දුකේ බෑ. මේ ලිස්ට් එකෙන් එකක් වත් බලල නෑ. පාතර් පංචලී බලන්න හෙව්ව. ඒත් බලන්න බැරි උනා. අර අයියා දුන්නු " ද සවුන්ඩ් ඔෆ් මියුසික්" ලින්ක් එක වැඩ නැහැනෙ. අවුරුදු කිහිපෙකට කලින් බලපු " ද බියුටිෆුල් මයින්ඩ් " චිත්‍රපටියට නම් මම හරි ආසයි. ඒ ගැහැණියගෙ ඉවසීම , ආදර අසීමිතයි කියලා මට හිතෙනවා. ඒක සත්‍ය කතාවක් නේද? අර බින්දි කියන්නා වගේ 2002 ලිස්ට් එකේ මොනවද තියෙන්නෙ.

    ReplyDelete
  7. 1982, 1992 ලිස්ට්වලින් කීපයක් බලලා තියනවා. 2002 එක එනකල් බලාගන ඉන්නේ. සත්‍යජිත් රායිගේ තවත් ලස්සන ෆිල්ම්ස් තියනවා නේද මේ ලිස්ට්වල නැති? ඉතා වටිනා ලිපියක් ගොඩාක් මහන්සිවෙලා කරලා. ස්තූතියි.

    @හරී - පිණිපළස,

    ‘A Beautiful Mind’ කියන්නේ සත්‍ය කතාවක් ආශ්‍රිතව නිපදවපු එකක්. John Nash, කියන Nobel Laureate in Economics, ගැන තමා කතාව කියැවෙන්නේ. මට කොච්චර බැලුවත් එපා නොවෙන ෆිල්ම්ස් දෙකක් තමා The Ghost, සහ The Sixth Sense.

    ReplyDelete
  8. @පොත්ගුල්ලා,

    මට ඔයාගේ පෝස්ට් ඊමේල් කරගන්ට ක්‍රමයක් තියනවද? මම හැම තිස්සෙම ඔයාගේ පෝස්ට් දකින්නේ පමාවෙලා....:D

    ReplyDelete
  9. @හරී - පිණි පළස
    මං "The Sound of Music" බා ගත්තේ නං ඔයාට දීපු ලින්ක් එකෙන්. ඒකට හැබැයි Torrentz, download කරගෙන තියෙන්න ඕනෙ. එහෙම නැත්තන් අර බුරා හඳුන්නල දීපු බයිස්කෝප් සයිට් එකෙත් තියෙනව. මෙන්න ලිපිනය.
    http://www.baiscopelk.com/?p=3492
    "The Beautiful Mind" චිත්‍රපටය මම නං තාම බලල නැහැ. බලන්න ආසාවෙන් ඉන්නව. අපේ ජයන්ත චන්ද්‍රසිරි අයිය හදපු "ගරිල්ලා මාකටින්" චිත්‍රපටයත් ඔය කියන මානසික තත්වය කතා කරනවා. මම ඒක නං බලල තියෙනව.
    2002 ලැයිස්තුව ඉක්මනින්ම හෙළි කරන්නන්.

    ReplyDelete
  10. @පොඩි කුමාරිහාමි
    සත්‍යජිත් රායි නිර්මාණය කල සිනමා පට අතරින් හොඳම නිර්මාණය ලෙස ඔහුත්, විචාරකයනුත් සලකන්නෙ "චාරුලතා". මෙය තාගෝර් තුමන්ගේ නව කතාවක් ඇසුරිනුයි නිර්මාණය වෙන්නෙ. මේ සිනමා පටය 70 දශකයේ මැද භාගයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් ලංකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කරලා තියෙනව. අපේ තාත්ත මාවයි, අම්මවයි එක්කගෙන ගිහිල්ල ඔය චිත්‍රපටය බලපු බව මට කියල තියෙනව. ඒ සම්බන්ධයෙන් මට යාන්තන් මතකයක් තියෙනව. නමුත් චිත්‍රපටය මොන වගේද කියල මතකයක් නැහැ. මගේ ජීවිතේ සිනමා ශාලාවක බැලූ පළමු සිනමා පටය.
    රායි ගේ චිත්‍රපට එක්තරා කාලෙක ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කලා. ඔහු අවසානයට නිර්මාණය කල "ආගන්තුක්" සිනමා පටය කිහිප වරක්ම පෙන්නුවා. මං ඉතා ආසාවෙන් රසවිඳි සිනමා පටයක්.

    ඔන්න ඔයාගේ ඉල්ලීම පිට ඊ මේල් වලින් follow කරන්න සකස්කලා.

    ReplyDelete
  11. ගොඩාක් ස්තූතියි ඔයාට...:D:D:D

    ReplyDelete
  12. මේ ලයිස්තුවෙන් බලා ඇති චිත්‍රපට ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි...බොහොම ස්තුතියි...

    ReplyDelete
  13. අනේ දෙය්යනේ, මම බලල නෑනෙ මේ එකක්වත්.
    ඉංග්‍රීසි චිත්‍රපට හැරුණුකොට වෙනත් භාෂාවලින් කෙරුණු චිත්‍රපටි ගැන අපිට දැන ගන්නටවත් ලැබෙන්නෙ අහම්බෙන්. ඒවා තේරුම් ගැනීමට සහ රස විඳීමට දෙතුන් වතාවක්වත් බලන්න වෙනවා උපසිරැසි කියවීමෙදි රස වින්දනයට බාධා වෙන නිසා.
    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. අලුත් ලැයිස්තුවත් ඉක්මණට දාන්නකො.

    ReplyDelete
  14. මේ වගේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දාන්න ඉතින් පොඩි විවේකයක් එපායැ.. මේ දවස්වල ඉතින් බිසි එකෙත් හොඳම එක... ගෙදර එන්නෙ මහ රෑ... ඉතින් නිදහසක් ලැබුනෙම නෑ..

    මේ ලඟදි දුකා මුණගැහුන වෙලාවෙ කිව්ව දැන් රාමදාන් නිසා ටිකක් විවෙකයි මොකද දෙක වෙනකොට වැඩ ඉවරයි කියල.. මමත් ඇරියෙ නෑ .. මම කිව්ව අපිටත් දෙක වෙනකොට වැඩ ඉවරයි කියල.. හැබැයි රෑ දෙකට...:D . ඔන්න මගේ විවේකෙ සයිස් එක..

    කමක් නෑ ගැලපීමක් නැතත් අදහසක් ලියල යන්නම්...

    ඇත්තෙන්ම මම බලල තියෙන්නෙ ඔබටත් වඩා අඩුවෙන්... ඔබ බලල තියෙන ඒවයෙනුත් Bicycle Thieves /The Battleship Potemkin / Citizen Kane මම බලල නැහැ... ඔබ බලල නැති බර්ග්මාන් ගෙ Wild Strawberries මම බලල තියෙනව.

    බැරිම තැන 2002 ලැයිස්තුවත් කියවල බැලුව. ඒකෙනුත් එකතුවුනේ Godfather විතරයි.

    ඒත් දශක පහක් එකදිගට අංක එකේ තියෙන Citizen Kane මම බලල නැහැනෙ.. මේ දවස්වල ලොකු උත්සාහයක් ගන්නව ඒක හොයාගන්න.. හොයාගත්තොත් නීති විරෝධී වුනත් කොපි කීපයක් ගහල මේ බ්ලොග් එක කියවන කට්ටිය අතරෙ බෙදා ගන්න හිතා ඉන්නෙ.

    @ නලිනි

    සෑහෙනදුරට ඇත්ත නලිනි කියන කතාව.. උදාහරණයක් හැටියට ඉරානයෙ හෙම ඉතා හොඳ සිනමා පට හැදෙනව.. ඔබ කියනව වගේ දෙපාරකට තමා චිත්‍රපටිය රසවිඳින්න වෙන්නෙ එතකොට ඉතින් නියම මෙව්ව එක නෑ.. මට පර්සියන් ( ඉරානියානු භාෂාව ) වලින් තේරෙන්නෙ සපත්තු වල සයිස් කියන්න මිල කියන්න ඇරුනහම " තාක්ෆිෆ් නාහ් දරෙ"(no discount) වගේ දෙයක් විතරයි.. ඉතින් මොන සිනමා රසවිඳීමක්ද..

    ඒ වගේම චෙකෝස්ලොවැකියාවෙ ( අද රටවල් දෙකකි ) පැරණි යුගෝස්ලොවියාවට ( අද රටවල් පහකි ) අයිති රටවල, රුමේනියාව හන්ගේරියාව වගේ නැගෙනහිර යුරෝපෙ රටවලත් උසස් සිනමා පට හැදෙනව... හැබැයි අර කේස් එකම තමා...

    පුද්ගලික කතාවක් විනෝදය පිනිස...
    මට හින්දි භාෂාව හොඳින් හසුරවන්න පුලුවන්... මම අපේ සපතේරු හාමිනේ එක්ක හින්දි චිත්‍රපටියක් බලන්න වාඩිවුනොත් දෙන්නටම පලක් නෑ..

    ඔන්න සීන් එකක් යනව... මට තේරෙනව අරුන්දැට තේරෙන්නෙ නෑ...ඒ මොකක්ද අනේ ඒ කිව්වෙ ? දැන් මොකක්ද වෙලා තියෙන්නෙ ? ආදී ප්‍රශ්න වැලයි... දැන් ඔය ටික කියාදීල ඉවරවෙනකොට මට ඊලඟ සීන් එක මිස් වෙලා .. දැන් මට කතාව තේරෙන්නෙත් නෑ...


    @පොත් ගුල්ලා,

    // ඕ ලෙවල්, ඒ ලෙවල් විතරයි විභාගයක් කියල කරල තියෙන්නෙත්. ඒ ලේවලුත් පාස් බාගෙට. වැස්සකටවත් කැම්පස් ගිහින් නෑ. ඔය සින්දුවක් අහල, පොතක් කියෝල, චිත්‍රපටියක් බලපු එක විතරයි කරල තියෙන්නෙත්. ඕක ඉතින් හැමෝම කරනදේමනේ. //

    මගෙ පෝස්ට් එකක දාපු මේ කොමෙන්ටුව ගැනත් යමක් කියන්නම ඕනෙ කෙටියන්...

    "..100% එකම වල්ලෙ පොල් ගෙඩියක් මුණගැහීම සතුටක්... "

    - සපතේරු උන්නැහේ

    ReplyDelete
  15. @රෝස කුමාරි
    සටහනට ස්තුතියි. ඔය ගොඩක් චිත්‍රපටි අන්තර් ජාලයෙන් බාගන්න පුළුවන්.

    @නලිනි චන්දිමා
    උප සිරැසි කියවමින් සිනමා පටයක් බලල පුරුදු නැති කෙනෙකුට නම් යම් අපහසුවක් ඇතිවෙන්න පුළුවන්. ඒත් ඕක පුරුදු උනහම රසවින්දනයට බාධාවක් වෙන්නේ නැහැ.
    2002 ලැයිස්තුව පල කරන්න හිතුවට වඩා කල්යනවා වගෙයි. ඒ ගැන සමාව ඉල්ලනවා. මං බලාපොරොත්තු නොවූ ලෙසට පහුගිය ටිකේ කාර්ය බහුල උනා. ලබන සතිය ඇතුලත අනිවාර්යයෙන් දානව.
    කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  16. @සපතේරු උන්නැහැ
    දිග කමෙන්ටුවට ගොඩක් ස්තුතියි. පිළිතුරක් දෙන්න පමා උනාට සමාවෙන්න. (මං ඒත් බැලුව කව්ද මේ අඥාතව ඇවිත් දිගට ලියල තියෙන්නෙ කියල. බැලින්නන් අපේ සපතේරු උන්නාහැනේ. )

    ඔබ Wild Strawberries බැලුවේ ලංකාවේ තිබ්බ බර්ග්මාන් සිනමා උළෙලකදීද? සිටිසන් කේන් නං මාත් බැලුවේ ටොරන්ට්ස් වලින් බා ගෙන. මම ඔය Sight & Sound ලැයිස්තුව මුලින්ම දැක්කේ දිවයින පත්තරේ වටමඩල අතිරේකයෙන්. ඉතින් දිගටම අංක එක වෙන මේ චිත්‍රපටය මොකද්ද කියල ඔබට වගේම මටත් බලාගන්න ලොකු උවමනාවක් ඇතිඋනා. අනෙක තමා The Battleship Potemkin. මේ චිත්‍රපටයත් හැමදාම හොඳම දහයට තේරුණා. විශේෂත්වය ඒක නිහඬ සිනමා පටයක් වීම. ඒක නං මං බැලුවේ ජාතික රූපවාහිනියෙන්. ගාමිණි වේරගම මහත්මා චිත්‍රපටය පිලිබඳ හඳුන්වාදීමකුත් කළා මතකයි.

    ඉරාන චිත්‍රපට උළෙල කිහිපයකුත් ලංකාවේ පැවැත්වුවා. මං සිනමා පට කිහිපයක් බැලුව. ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ගේ දක්ෂතාවය තමා වාරණ රැසක් මැද ඉතා නිර්මාණශීලී සිනමා පට නිර්මාණය කිරීම. ඔය අතරින් අබ්බාස් කියරොස්තාමි සුවිශේෂයි. ඔහු ළමයින් ඉතා හොඳින් හසුරුවනවා. ළමයින් සමග එක්වී වැඩිහිටියන්ට සිනමා පට නිර්මාණය කරනවා. හැබැයි ළමයින්ටත් බලන්න පුළුවන් ඒව. ඔහු නිර්මාණය කල Where is the Friend 's Home චිත්‍රපටය අර අවුරුදු දාහතරේදී බැලිය යුතු චිත්‍රපට ලයිස්තුවේ පළමු දහය අතර තියෙනවා. ලංකාවේ සිනමා උළෙලකදී මේ චිත්‍රපටය පෙන්නුවා. මමත් බලපු බව දැනුයි මතක් උනේ. තව The Wind Will Carry Us චිත්‍රපටයට Venice International Film Festival එකේදී Grand Jury Prize හිමිවෙනවා. මේ චිත්‍රපටයේ DVD පටය මා ළඟ තියෙනව. මං හොඳ ඔත්තුවක් දෙන්නං. කොල්ලුපිටියේ Crest Cat එකේ එක්තරා DVD සාප්පුවක් තියෙනව. ටිකක් මහන්සිවෙලා පීරලා බැලුවම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ විදේශීය සිනමා පට දෙක තුනක් වත් හොයාගන්න පුළුවන්. ඔතනින් මිලදී ගත් හොඳ DVD Collection එකක් මා ළඟ තියෙනව. ඊළඟ සැරේ ඔබතුමා ලංකාවට ආවාම යන්න මතක තියාගන්න.

    "..100% එකම වල්ලෙ පොල් ගෙඩියක් මුණගැහීම සතුටක්... "
    මටත් එසේමයි.

    ReplyDelete
  17. සිටිසන් කේන්, පාතර් පන්චලී සහ සෙවන් සමුරාය් කියන තුන විතරය් බලල තියෙන්නෙ. සෙවන් සමුරාය් ඇසුරින් හදපු බටහිර චිත්‍ර පටයකුත් බලල තියෙනව මැග්නිෆිෂන්ට් සෙවන් කියල.

    වටිනා පෝස්ට් එකක් සහ කොමෙන්ට් ටිකක් කියවීමට සැලසීම ගැන මගේ ස්තුතිය පිළිගන්න

    ReplyDelete
  18. ඔබ්සර්වර් මහත්තය පරක්කු වෙලා හරි මේ පැත්තෙ ආව ඒක ගැන සතුටුයි.
    ඔය සමුරායි වරු හත්දෙනාගේ චිත්‍රපටය පසු කාලීන සිනමා අධ්‍යක්ෂ වරු බොහෝ දෙනෙකුට බලපාල තියෙනවා. Star Wars Series හදපු George Lucas , Seven Samurai ආදර්ශයට ගත් බව ප්‍රකාශ කරල තියෙනවා. ඒ වගේම A Bugs Life සජීවකරන චිත්‍රපටයෙත් Seven Samurai ආභාෂය පැහැදිලිව දකින්න පුළුවන්.

    ReplyDelete
  19. සිටිසන් කේන් විතරමයි බලලා තියෙන්නේ. අනික්වා බලලා නෑ. දැන් මේවා හොයාගන්නත් නැද්ද කොහෙද.

    ReplyDelete
  20. @මධුරංග
    චැප්ලින් ගේ, බර්ග්මාන් ගේ වගේම කුරොසාවගේ චිත්‍රපට ටොරන්ට්ස් වලින් බා ගන්න පුළුවන්. ඔයා චිත්‍රපට විචාරකයෙකුත් නේ. ඉතින් ඕවත් බාගෙන බලන්ඩ. කමෙන්ට් කලාට ස්තුතියි.

    ReplyDelete