Tuesday, October 4, 2011

ඔබේ දෑස - දිලී .... නිවී.... දිලී .... නිසොල්මනේ බලා හිඳී



අපාර වූ ආකාසේ
වලා සිඳුණු බොල් එළියේ

ඔබේ දෑස 
දිලී
නිවී
දිලී
නිසොල්මනේ බලා හිඳී

ඇසට කඳුළු දිය ලැබුනේ 
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුළු ඉවර දිනේ 
හදට නොමැත ඒ තෙතමන

අගාධ වූ සාගරයේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස 
දිලී
නිවී 
දිලී
නිසොල්මනේ බලා හිඳී 

ඇසේ කඳුළු සිඳී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන් 
කඳුළු පොදක් මට හෙලන්න

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුනු කාන්සියේ
ඔබේ දෑස
දිලී 
නිවී
දිලී
නිසොල්මනේ බලා හිඳී

ලිව්වේ ; මහගම සේකරයන්
තනු යොදා ගැයුවේ ; අමරදේවයන් 
මෙතනින් බා ගන්න

13 comments:

  1. කොච්චර ඇහුවත් එපා නෙවෙන ලස්සන සින්දුව වගේම තනුව. කාලෙකින් මේ සින්දු එකතුව රසවිඳින්න වුනේ නැහැ. බොහෝමත්ම ස්තුතියි මතක ඇවිස්සුවාට.

    ReplyDelete
  2. මේ මම කලින් අහලා තිබුණු ගීතයක් නෙමෙයි. මහගම සේකරයන් ගේ ගී පද වැඩි පුරම ගායනා කරලා තියෙන්නෙ අමරදේවයින් නේද? "පාළු අදුරු නිල් අහස මමයි.. " . ඒ ගීයත් සේකර, අමරදේව එකමුතුවෙන් නිර්මාණය වෙච්චි එකක් නේද?
    අඳුරු අහසක තියෙන තාරකා බලන් ඉන්න මම හරි ආසයි. අවාසනාවට ගොඩක් වෙලාවට මෙහෙ අහස දූවිල්ලෙන් වැහිලා, මේ ගීයත් එක්ක හිත යන්නෙ ගෙමිදුලට, තරු පිරුණු අහස බලාගෙන කවි ලිව්ව අතීතෙට,,

    ReplyDelete
  3. මමත් මේක කලින් අහලා තිබුණේ නැහැ... අපිටත් රස විඳින්න මෙහි එක් කලාට බොහොම පින්.. ජය!

    ReplyDelete
  4. 'අපාරවූ' කියන්නේ මොකක්ද?.

    මීට කලින් මේ සිංදුව අහලා නම් නෑ. නෙත්වලට සමාන කරලා තියන තරු දෙක නම් හරිම ලස්සනයි...:)

    ReplyDelete
  5. @ගල් මල්
    ගීතයේ සුන්දරත්වය යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව. ඩීන් සොහොයුරාට ස්තුතියි.
    පෝස්ට් එක පල කලාට පස්සෙයි දැක්කේ මේ ගීතයම 'ගී මල් යාය' බ්ලොග් එකෙත් ගිය මාසේ පල වෙලා තියෙනවා. කමක් නෑ. ඒ බ්ලොග් එක ඇහැ ගැහෙන්නේ නැති යාලුවොත් ඉන්න පුළුවන්නේ.

    @හරී පිණි - පළස
    ඇත්තටම සේකරයන් ගීත ලිව්වේ අමරදෙවයන්ටමයි කියල කියන්න පුළුවන් වෙන තරමට ඔහුගේ ගීත වඩාත් ගායනා කරලා තියෙන්නේ අමරදේවයන් තමා. "පාළු අඳුරු" ගීතයත් සේකරයන් ලියූ ගීයක්. අපි කාට කාටත් මේ ගීය අහන කොට අතීත මතකයන් වෙත හිත දිවයනවා.

    @විසිතුරු
    ඒක තමා මල්ලි, මේ වගේ ගීත දැන් ගුවන් විදුලි සේවා වල ඇහෙන්නෙත් නැහැ. ඉතින් අලුත් පරම්පරාවේ බොහෝ දෙනෙක් අහලත් නැහැ. ඔයා ගීතය රසවින්දා නං ඒක තමා මගේ සතුට.

    @පොඩි කුමාරිහාමි
    අපාර වූ කියන්නේ ඉමක් කොනක් නැති කියන අදහස.
    කුමාරිහාමිත් මේක අහල තිබුණෙ නැද්ද?
    තරු දෙක හොයා ගත්තෙ ඉතින් ගූගල් සර්ච් එකකින් තමා.

    ReplyDelete
  6. පළවෙනි වතාවට ඇහුවෙ මේ සින්දුව, තෑන්ක්ස්.

    ReplyDelete
  7. මම නම් මේ සිංදුව අහලම නෑ. පොත් ගුල්ලා අයියා දෙයක් කිව්වොත් අනිවා ඒක ගොඩක් වටින දෙයක් තමා. ඒ නිසා මම් මේ ගීය බාගෙනම අහන්නම්. පදවැල් නම් ලස්සනයි.

    ReplyDelete
  8. සේකරගෙ පදවැල් ගැනනම් කියලා වැඩක් නැහැ. ඊටම ඔබින අමරදේවයන්ගෙ හඬ හා තනු.
    බොහොම ස්තුතියි පොත්ගුල්ලා.

    ReplyDelete
  9. @ඔබ්සර්වර්
    ඔබා මහත්තය අහලත් නැද්ද? එහෙනං මේක පල කරපු එක හුඟක් හොඳයි වගේ! සින්දුව රසවින්දා නං සතුටුයි.

    @මධුරංග
    'වටිනවා' කියන එකත් සාපේක්ෂ අදහසක් නෙ මල්ලියෙ. කෙනෙකුට වටිනා දේ තව කෙනෙකුට නොවටිනා වෙන්ඩ පුළුවන්. මම වටිනා දෙයක් හැටියට සලකන දෙයක් මධුරංග මල්ලිටත් වටිනා දෙයක් හැටියට පේනවා නං ඒ කියන්නේ අපි දෙන්න හොඳ සහෘදයෝ කියන එකයි.

    @නලිනි චන්දිමා
    දොස්තර නෝනා එහෙනං එක දැක්කද?
    නිවී නිවී දැල්වෙන තරු දෙකක් නිසොල්මනේ බලාගෙන ඉන්න අපූරුව.

    ReplyDelete
  10. සින්දුව බාගන්න නම් බැරි වුනා .එත් මන් මේක අහල තියෙනවා . අමරදේවගේ පරණ වැඩිය නැසෙන ගී කැසට් එකක් ඉස්සර මන් ළඟ තිබුන . අනික ඉතින් බස් අජිත් මහත්තය හෙම එන්න කලින් උපන් පරපුරේ අපි ඔය ගීත රස වින්දා . මේවා අහල නැති අලුත් පරපුර දැන් වත් අහන්න පෙළඹෙයි .

    වචන ටිකයි ඒත් තරු ඇති අහසක් දිහා බලන් මේක ඇහුවොත් අඬන්න හිතෙනවා නේද . පුදුම සින්දුවක්. ස්තුතියි පොත් ගුල්ල

    ReplyDelete
  11. හපොයි පපුව නිකන් හෝස් ගාල දාල පිලිස්සිලා ගියා මේ සින්දුව ඇහුවම .ඊයේ දඹුල්ලෙන් පටන් අරන් පැය හයක් විතර කොලඹට එනකන් මග දිගට කිව්වෙත් විරහ සින්දුනේ කබාය ඉරිලා , කොලොම් තොට , මේ මහ කන්ද , මේ ගුරු පාරේ ,බඹරෙකු ආවයි, බින්දු බින්දු රන් , ...කොයිතරම් නැගලගියාද කිව්වොත් ඔෆිස් එක ගාවට එනකනුත් බැරිවුනා නේ වැල් බයිල කියන්න

    ReplyDelete
  12. ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි. ඔය සිංහල සිංදු වැඩියම නොඅහන මගේ කලෙක්සන් එකේ මේ වගේ පරන හොඳ සින්දු ඔක්කොම තියෙනවනේ.

    ආයේ ආයේ කිසිම කම්මැලිකමක් නැතිව අහන්න පුළුවන් මේවා නම්.

    ReplyDelete
  13. බොහොම කාලෙකින් අහපු නැති අපූරු සින්දුවක්. ගූගලයේ කරක්ගසා බාගන්න තැනක් හොයාගන්න ඕන.

    ReplyDelete